දහදාහේ බඩුමල්ල අඩු ආදායම්ලාභී පවුල්වලට පමණයි!

කීර්ති ප්‍රනාන්දු – 

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ පවුල්වලට සහ නිරෝධායනයට යොමුකළ පවුල්වලට සහන සැලසීම උදෙසා රජය රුපියල් දසදහසක් වටිනා වියලි ආහාර ද්‍රව්‍ය බඩු මල්ලක් ලබාදීමට පියවර ගෙන තිබේ.

ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති අතර අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් මෙම බඩු මල්ල ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව 2020.11.02 හා 2020.11.30 දිනැති අංක PTF/03/2020 (vi) හා PTF/3/2020 (vii) දරන චක්‍රලේඛ මගින් සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙය ලබාදීමට කටයුතු සැලසේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම චක්‍රලේඛ විධිවිධාන කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සම-ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දන්වා ඇත.

Exit mobile version