බඩඉරිගුවලින් රසවත් කෑම ගෙදරදී හදමු

බඩඉරිගු කියන්නෙ ගුණයෙන් අනූන ධාන්‍ය ආහාරයක්. බඩරිගු මිශ්‍ර කර රසවත් කෑම වර්ග කීපයක් ගෙදරදීම හදා ගන්නා ආකාරය ගැන අප අද ඔබට කියන්න උත්සාහ කරනවා.

බඩ ඉරිඟු කිරිබත්

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් සෝදා සෝදා බත ඉදෙන්න අවශ්‍ය තරම් වතුර දාල ලිපේ  තබා බත බාගෙට තැම්බීගෙන එන විට බඩ ඉරිඟු ටික එයට එකතු කර ගන්න. බත හොඳට ඉදුණු පසු ලුණු කලවම් කරපු මිටි කිරි දමා හින්දගන්න.

බඩ ඉරිඟු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය


බඳුනකට සහල් පිටි, ලූනු, මිරිස් කුඩු, ඉඟුරු, සුදුළූණු, කොත්තමල්ලි කොළ, ලුණු සහ වතුර ස්වල්පයක් එකතු හොඳින් මිශ්‍ර කර බෝල කරන්න. දැන් ගැඹුරු තෙලේ බැද ගන්න.

බඩ ඉරිඟු මසාල කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

බඳුනක් ගෙන තෙල්  දමා රත්  වූ පසු  එයට කරපිංචා, සුදු ලූණූ, ඉඟුරු, දුරු දමා මේපරාදු වීමට හරින්න. දැන් එයටම ලූණු එක් කර තෙම්පරාදූ වන විට තක්කාලි  දමා කවලම් කරමින් මද ගින්නේ පිසෙන්න හරින්න. එයට මිරිස් කුඩු, කහ, තුන පහ එක් කරමින් හොඳින් කලවම් කරන්න. මේ සියල්ල් හොඳින් පිසෙන්න හැර තව බටර් ටික එක් කර කලවම් කරමින් එයට ඉරිඟු සහ කිරි එක් කර ‍තෙම්පරාදු කරගන්න. විනාඩි 10 ක් පමණ තබා ගරාම් මසාලා, කොත්තමල්ලි සහ ලුණු එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

බඩ ඉරිඟු පැන් කේක්

අවශ්‍ය දේ

බඳුනකට zucchini,ඉරිඟු , බිත්තර, මින්චි කොල, සුදු ලූණු, ගම්මිරිස්කුඩු, ලුණු එක් කර කවලම් කරගන්න. දැන් එයට පාන් පිටි හා කඩල පිටි පිටි ටික ටික එකතු කර මිශ්‍රණයක් සාදා ගන්න. පැන් එකකට ඔලිව් තෙල් දමා රත් වූ පසු මිශ්‍රණයෙන් මේස හැන්ඳක් පමන ගෙන පෑන් එකට දමා පැතැලි කර ගන්න.

ඉරිඟු මෆින්

අවශ්‍ය ද්‍රව්‍ය

බඳුනකට බිත්තර, දිය වූ බටර්,සීනි සහ කිරි දමා හොඳින් බීට් කර ගන්න. එයට පාන් පිටි සහ ඉරිගු එක් කර නැවැත බීට් කරන්න. බෙකින් සෝඩා සහ බොකින් පවුඩඩර් එක් කරන්න.
මිශ්‍රණය මෆින් ට්‍රේ එකකට දමා ෆැරන්හයිට් 400 ප්‍රී හීට් කර ගත් අවන් එකේ විනාඩි 18 පමණ තබන්න.

බඩ ඉරිඟු කුකිස්

අවශ්‍ය ද්‍රව්‍ය

බඳුනකට දුඹුරු සීනි සහ බටර් දමා බීට් කර ගන්න. එයට බිත්තරය එක් කරමින් දැන් නැවත බීට් කරන්න. පිටි විටෙන් විට එක් කරමින් බීට් කර එයට ඉරිගු කවලම් කරමින් නැවැත බිට් කර ගන්න. බෙකින් පවුඩර් දමා කවලම් කර තලපයක් වූ පසු කුඩා බෝල කර යාන්තමින් පැතැලි කර බටර් ගා ගත් ට්‍රේ එකක් මත අසුරා  විනාඩි 10 පමණ වසා තබා  ෆැරන්හයි 350 ට විනාඩි 18ක් බේක් කරගන්න.

බඩ ඉරිඟු අයිස් ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බඳුනකට ඉරිඟු, සිනි, කිරි හා විප් ක්‍රීම් දමා කවලම් කරන්න.එයට වැනිලා එක් කර කලවම් කර ගෙන ඉන් පසු අධි ශීතකරණයේ රැයක් තබා  රස කර බලන්න

Exit mobile version