පොහොට්ටුව බලය අත් කරගෙන සිටි වකවානුවේ වත්තේගම නගර සභාවේ හිටපු සභාපති රවින්ද්‍ර කුමාර (58) නැමැත්තා සහ ඔහුගේ සමීපතමයෙක් වූ ලක්ෂිත මනෝජ් (38) නැමැත්තා නීති විරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී වාහන දෙකක් සමග පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.
කොළඹ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයින් දෙදෙනාට සම්බන්ධ නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙක මේ වනවිට මැණික්හින්න පොලිසිය වෙත රැගෙන විත් තිබේ.
පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







