බටහිර අධිරාජ්‍යයට ආණ්ඩුව ගැති වෙන්නෙ නෑ… ජී.එස්.පී ප්ලස් සහනය එපා…

වියත්මගේ මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර කියයි

wasamtha-Yapa-Bandara

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුරෝපා සංවිධානය ජී.එස්.පී ප්ලස් සහනය මැදි හා අඩු ආදායම් රටවල් වලට ලබාදීම ඔස්සේ උත්සහ කරන්නේ එම රටවල් ඔවුන්ට අවශ්‍යය ලෙස මෙහෙයවීමට බවත් වත්මන් රජය කිසිවිටෙකත් ඔවුන්ගේ අතකොළුවක් වීමේ සූදානමක් නොමැති බවත් මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, වියත්මග නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර පවසයි.

මේවන විට යුරෝපා සංවිධානය ජී.එස්.පී ප්ලස් සහනය පාවිච්චි කරනු ලබන්නේ ඇතැම් රටවල් මට්ටු කිරීමේ උපකරණයක් ලෙස බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අකුලා ගන්නා ලෙස ඔවුන් රජයට බලකරන්නේ කුමන පදනමක් යටතේද යන්න ප්‍රශ්නයක් බවත් ඔහු කීය.

මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

මේවන විට ජී.එස්.පී ප්ලස් සහනය නතර කිරීම සඳහාවන සාකච්ඡාවක් යුරෝපා පාර්ලිමේන්තුවට පැමිණ තබෙන බවත් එය තමා දකින්නේ සාමාන්‍යය කාරනයක් ලෙස බවත් මන්ත්‍රීවරයා පවසා තිබිණි. සම්මුති 27කින් බැඳ දමා අවුරුදු තුනක් උදෙසා ලබා දෙන මෙම සහනය ලබා දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි පනතක් අහෝකි කිරීමට බලකිරීමෙන් නම් ඔවුන් කරන්නේ ස්වෛරී රජයක් දණ්ඩනයට ලක් කිරීමක් බව මන්ත්‍රීවරයා කීවේය.

එවැනි බලපෑම්වලට මේ රජය යටත් නොවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

Exit mobile version