සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලාදේශය ඉන්දියාවට ආවෙ නැතිනම් ලෝක කුසලානයෙන් ඉවතට… ICC  බංගලාදේශයට තීරණයක් ගන්න දවසක් කල් දෙයි…

by editor
ජනවාරි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

 2026 T20 ලෝක කුසලානය ක්‍රීඩා කිරීම සඳහා බංගලාදේශ කණ්ඩායම ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් මත පදනම් තරගාවලියේ දී බංගලාදේශ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට ICC  විධාය ක මණ්ඩලය අද තීරණ කළේය.

එමෙන්ම  ලෝක කුසලානයේ මූලික තරග සඳහා බංගලාදේශය ඉන්දියාවේ සංචාරය කරනවා ද නැද්ද යන්න තීන්දු කිරීමට බංගලාදේශ රජය සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනයට ICC ය විසින් තවත් එක් දිනක් ලබා දී තිබේ.

අද  පැවති ICC විධායක මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගනු ලැබූ අතර එහිදී බංග්ලාදේශය ඉන්දියාව වෙනුවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට කැමති ස්ථාවරයේ රැඳී සිටියහොත්  බංගලාදේශ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීම සඳහා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ බහුතර අධ්‍යක්ෂවරුන් කැමැතත පල කළ බව ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කර ඇත.

අද විධායක මණ්ඩලය නියෝජනය කළ   අධ්‍යක්ෂවරුන් 15 දෙනාගෙන් පාකිස්තානය පමණක් බංගලාදේශ  ක්‍රකට් ආයතනය වෙත සහාය ලබා දී ඇත. පකිස්ථාන ක්‍රිකට් ආයතනය බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ ස්ථාවරයට සහාය දෙන බවට ලිපියක් මගින් ඊයේ (20) දිනයේ දී ප්‍රකාශ කිරීමත් සමග මෙම රැස්වීම කැඳවා තිබිණි.

ICC යේ  සියලුම පූර්ණ සාමාජික රටවල අධ්‍යක්ෂවරුන් මෙමරැස්වීමට සහභාගී තිබේ. ICC සභාපති ජේ ෂාට අමතරව,  බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ  සභාපති අමිනුල් ඉස්ලාම්, ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය ලේකම් දේවජිත් සයිකියා,   ශ්‍රී  ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති    ෂම්මි සිල්වා,  පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ  සභාපති මොහ්සින් නක්වි, ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ  සභාපති මයික් බෙයාර්ඩ්, සිම්බාබ්වේ ක්‍රිකට් සභාපති ටවෙන්ගා මුකුහ්ලානි, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ  සභාපති කිෂෝර් ෂැලෝ, ක්‍රිකට් අයර්ලන්ත සභාපති බ්‍රයන් මැක්නීස්, ක්‍රිකට් නවසීලන්ත නියෝජිත රොජර් ට්වෝස්, එංගන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ  සභාපති රිචඩ් තොම්සන්,  දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ නියෝජිත මොහොමඩ් මූසාජි සහ ක්‍රිකට් ඇෆ්ගනිස්ථාන සභාපති මිර්වයිස් අෂ්රෆ් යන අය මෙම රැස්වීමට එක් වී ඇති බව ESPNcricinfo වාර්තාවේ දැක්වේ.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

සහකාර සාමාජික අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන මුබාෂ්ෂිර් උස්මානි සහ මහින්ද වල්ලිපුරම්, ICC ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා, ICC නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා සහ ICC හි සාමාන්‍යාධිකාරී ගෞරව් සක්සේනා ද මේ අවස්ථාවට එක් වී ඇත.

ආරක්ෂක ගැටලු සමනය කිරීම සඳහා  බංලාදේශ ක්‍රිකට් ආයතනය සමඟ පුද්ගලික රැස්වීම් පැවැත්වීමට පසුගිය සතියේ ඩකා නුවරට පැමිණි ICC දූෂණ මර්ධන ඒකකයේ  ප්‍රධානී ඇන්ඩෲ එෆ්ග්‍රේව් ද රැස්වීමට සහභාගී වී තිබේ.

“ඉන්දියාවේ තරඟාවලි පැවැත්වෙන කිසිදු ස්ථානයක බංග්ලාදේශ ක්‍රීඩකයින්ට, මාධ්‍යවේදීන්ට, නිලධාරීන්ට සහ රසිකයින්ට කිසිදු තර්ජනයක් නොමැති බව පෙන්නුම් කළ ස්වාධීන සමාලෝචන ඇතුළුව සිදු කරන ලද සියලුම ආරක්ෂක තක්සේරු කිරීම් සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත,” යනුවෙන්  විධායක මණ්ඩල රැස්වීමෙන් පසුව ICC   නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“තරඟාවලියට ආසන්නව වෙනස්කම් සිදු කිරීම කළ නොහැකි බවත්, පවතින තත්වයන් යටතේ කාලසටහන වෙනස් කිරීම, විශ්වාසදායක ආරක්ෂක තර්ජනයක් නොමැති විට, අනාගත ICC සිදුවීම්වල පාරිශුද්ධභාවයට තර්ජනයක් වන සහ ගෝලීය පාලක මණ්ඩලයක් ලෙස එහි මධ්‍යස්ථභාවයට හානි කරන පූර්වාදර්ශයක් විය හැකි බවත් ICC මණ්ඩලය සඳහන් කළේය.

” පැන නැගුන තත්ත්වය  විසඳීම සඳහා ICC කළමනාකාරිත්වය බංගලාදේශ ක්‍රිකට් ආයතනය  සමඟ ලිපි හුවමාරු සහ රැස්වීම් මාලාවක ද නිරත වූ අතර, සියලුම තොරතුරු සහිතව    ආරක්ෂක සැලැස්ම පිළිබඳ සවිස්තර තොරතුරු බෙදා ගත්තේය.” එම නිවේදනයේ දක්වා තිබේ.

ආරක්ෂක ගැටලු  හේතුවෙන්  බංගලාදේශ ක්‍රිකට් ආයතනය  ජනවාරි 4 වන දින ICC වෙත ලිපියක් යවමින් බංග්ලාදේශ රජය සමඟ සම්බන්ධීකරණයෙන් තම කණ්ඩායම ඉන්දියාවට නොයවන බව ප්‍රකාශ කිරීමෙන් පසුව, ICC තීරණයට එළඹුණි.

2026 IPL සඳහා බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඔවුන්ගේ සංචිතයෙන් නිදහස් කරන ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් වෙත ඉන්දීය  ක්‍රිකට් පාලක මණ්ඩලය  උපදෙස් දීම සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර  බංගලාදේශ විසින් ගෙන තිබිණි. බංගලාදේශ ක්‍රීඩකයා සංචිතයෙන් ඉවත් කරීම සම්බන්ධව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝගයට ඔවුන්  නිශ්චිත හේතුවක් ලබා දී නොමැත.

එතැන් සිට බංගලාදේශ ක්‍රිකට් ආයතනය  සහ බංග්ලාදේශ රජය ලෝක කුසලානයට ඉන්දියාවේ සංචාරය නොකිරීමේ ස්ථාවරයට පැමිණ තිබිණි.  ඔවුන් තම තරග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට ඉල්ලා සිටියේය  පසුගිය සතියේ ICC සමඟ කළ සාකච්ඡා  අතරතුර, බංග්ලාදේශ කණ්ඩායම  තමන් තරග වදින ඛාණ්ඩය වෙනස් කිරීමට ඉල්ලා සිටියේය. එහෙත්  එම ඉල්ලීමත්  ICC ප්‍රතික්ෂේප කළේය.

“පසුගිය සති කිහිපය තුළ, ICC ය  බංග්ලාදේශයට තරඟාවලියට සහභාගී වීමට අවස්ථාව ලබා දීමේ පැහැදිලි අරමුණින්, තිරසාර හා ඵලදායී සංවාදයක  බංගලාදේශ ක්‍රිකට් ආයතනය  සමඟ සම්බන්ධ වී ඇත,” ICC පැවසීය. ”

මෙම කාලය තුළ, ICC ස්වාධීන ආරක්ෂක තක්සේරු කිරීම්, පුළුල් ස්ථාන මට්ටමේ ආරක්ෂක සැලසුම් සහ සත්කාරක බලධාරීන්ගේ විධිමත් සහතික කිරීම් ඇතුළු සවිස්තරාත්මක තොරතුරු බංගලාදේශය සමග  බෙදාගෙන ඇති  බවත්,  ඒ සියල්ලේම නිශ්චිත නිගමනය වූයේ    ඉන්දියාවේ දී බංගලාදේශ කණ්ඩායමේ  ආරක්ෂාවට ඇති තර්ජනයක් සම්බන්ධව   විශ්වාසදායක හෝ සත්‍යාපනය කළ හැකි තොරතුරක් නොමැති බවත් යැයි ICCය පවසයි  .

“මෙම උත්සාහයන් නොතකා, බංගලාදේශ ක්‍රිකට් ආයතනය තම ස්ථාවරය පවත්වා ගෙන ගිය අතර,  ඉන්දියාවේ  දේශීය ලීගයකට සහභාගී වූ බංගලාදේශ ක්‍රීඩකයෙක්  එම ලීගයෙන් ඉවත් කිරීම   සම්බන්ධ  තනි, හුදකලා සහ සම්බන්ධයක් නැති වර්ධනයකට නැවත නැවතත් සම්බන්ධ කළේය. මෙම සම්බන්ධතාවය තරඟාවලියේ ආරක්ෂක රාමුවට හෝ ICC පිරිමිවිස්සයි 20  ලෝක කුසලානයට සහභාගී වීම පාලනය කරන කොන්දේසි වලට කිසිදු බලපෑමක් නැත.” ICC  ය වැඩි දුරටත් දන්වා ඇත.

“ICC හි ස්ථානය සහ කාලසටහන් තීරණ මෙහෙයවනු ලබන්නේ විෂයගත  තර්ජන තක්සේරු කිරීම්, සත්කාරක සහතික කිරීම් සහ තරඟාවලියේ එකඟ වූ සහභාගීත්ව නියමයන් මගින් බව  එම නිවේදනයේ සඳහන් කර ඇත.

ඔවුන් කියන්නේ එම නියමන්   තරඟකාරී රටවල් 20ටම ඒකාකාරව අදාළවන බවය.

“බංග්ලාදේශ කණ්ඩායමේ ආරක්ෂාව සැලකිය යුතු ලෙස අවදානමට ලක් කරන කිසිදු ස්වාධීන ආරක්ෂක සොයාගැනීමක් නොමැති විට, ICC හට තරඟ වෙනත් ස්ථානයකට ගෙන යාමට නොහැකි වේ. එසේ කිරීමෙන් ලොව පුරා සිටින අනෙකුත් කණ්ඩායම් සහ රසිකයින්ට සැලකිය යුතු සැපයුම් සහ කාලසටහන්ගත කිරීමේ ප්‍රතිවිපාක ගෙන දෙන අතර, ICC පාලනයේ මධ්‍යස්ථභාවය, සාධාරණත්වය සහ අඛණ්ඩතාව අඩපණ කිරීමේ අවදානමක් ඇති දුරදිග යන පූර්වාදර්ශයට අදාළ අභියෝග ද නිර්මාණය කරනු ඇත.” ICC ය වැඩිදුරටත් දන්වා ඇත.

බංග්ලාදේශය විස්සයි 20 ලෝක කුසලානයේ C කාණ්ඩයේ සිටින අතර ඔවුන්ගේ පළමු තරඟ තුන පෙබරවාරි 7, 9 සහ 14 යන දිනවල කොල්කටාහිදී සහ අවසාන තරඟය පෙබරවාරි 17 වන දින මුම්බායිහිදී ක්‍රීඩා කිරීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පකිස්ථානයත් බංගලාදේශයත් නැති ක්‍රිකට් ලෝක කුසලානයක් ?… ඉන්දියාව ලෝකයට ක්‍රිකට් එපා කරයි ද?

Next Post

ICC T20 ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය නිල වශයෙන් ඇරඹේ!

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.