බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලාදේශයට එරෙහිව කඩුළු 06ක විශිෂ්ඨ ජයක්… අසියානු කුසලා මංගල තරගය සුබ වෙයි!

by editor
සැප්තැම්බර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගය දිනුම්ය. බංලාදේශ කණ්ඩායම ලබා දුන් ලකුණු 139ක ඉලක්කය පන්දු ඕවර 14.4ක දී එනම් පන්දු 32ක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායමව කඩුළු 6කින්  දිනුම්ය.  එය මංගල ලකුණක් බව ලියා තැබිය යුතුය.

කමිල් සහ පැතුම්..

තරගය පැවැත්වුනේ අබුඩාබි හි  සයේඩ් අන්තර්ජාතික  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ය. කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහර දීම තේරූහ.

එය විපුල පල තරගය ආරම්භයේ දීම පෙනුණි. තගරයේ මුල් කඩුළු 05 ලකුණු 53ක් තුළ දැවී ගියේය. එහෙත් අවසානයේ දී පස්වෙනි කඩුල්ල සඳහා බංගලාදේශය වෙනුවෙන් වාර්තාගත සම්බන්ධතාවයක් තැබූ ජකීර් අලි සහ ෂමීම් හොසේන් බංගලාදේශ ලකුණු පුවරුව ලකුණු 139 තෙක් ඔසවා තැබූහ. හය වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් තැබූ ලකුණු 86ක නොදැවුණ සම්බන්ධතාවය බංගලාදේශ විස්සයි20  ඉතිහාසය අලුත් කරමින් නව වාර්තාවක් සලකුණු කළේය. වාර්තාගත සම්බන්ධතාවය ගොඩනැගූ ජෙකර් අලි පන්දු 34ක දී ලකුණු 41කි. ෂමීම් හොසේන් පන්දු 34ක දී ලකුණු 42කි.

පන්දු යැවීමේ දී හොඳම පන්දු යැවීම දුෂ්මන්ත චමීර මෙන්ම නුවන් තුෂාර ද සමව බෙදා ගත් අයුරු පෙනුනි. ඔවුන් දෙදෙනාම සිය පන්දු ඕවර 4 දී එක් නිලකුණු පන්දු ඕවරය බැගින් යැවූහ. දෙදෙනාම ඕවර 4ට ලබා දන්නේ ලකුණු 17 බැගිනි.  දෙදෙනාම කඩුල්ල බැගින් ලබා ගත්හ. වනිඳු හසරංග සිය පන්දු ඕවර 4 තුළ ලකුණු 25කට කඩුළු 2ක් ලැබීය. දසුන් ශානක මෙන්ම මතීෂ පතිරණ ද පන්දු යැවීමෙදී සාර්ථ වූයේ නැත. ඔවුන් දෙදෙනාම බංගලාදේශ පිතිකරුවන්ගේ නිර්දය ප්‍රහායට ලක් වූහ.

ශ්‍රි ලංකා කණ්ඩායම පිතිකරණය ඇරඹුවේය. ආරම්භක පන්දු යවන්නන් දෙපළවන ෂොරිෆුල් ඉස්ලාම් සහ මුස්ටෆිසූර් රහ්මාන් මුල් පන්දු ඕවර දෙක අතිශය තීරණාත්මක පීඩනයකට පිතිකරුවන් ලක් කරමින් යොම් කරන අයුරු පෙනුණි. ඒ අභියෝගාත්මක පන්දු යැවීම හමුවේ කුසල් මෙන්ඩිස් කඩුළු රකින ලිටොන් දාස් අතට උඩපන්දුවක් දී දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 13කි. ඉන් පසු තුන්වන කඩුල්ල ලෙස පිටියට එක් වන්නේ නවක පිතිකරු කමිල් මිෂාරය.  මුල් පන්දු කීපයේ දී ඔහු දැඩි පරීක්ෂාවකට ලක් කරන්නට බංගලාදේශ් පන්දු යන්නො කටයුතු කළහ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මිෂාර මේ තරගයේ මුහුණ දුන් තීරණාතක පන්දු ඕවරය වන්නේ තරගයේ 4 වැනි ඕවරය ය.

පන්දු යවමින් සිටියේ බංගලාදේශයේ පළපුරුදුම වේගපන්දු යවන්නාවන ෂොරිෆුල් ස්ලාම්ය. තරගයේ හතරවැනි ඕවරය ය. පන්දුවට මුහුණ දෙමින් සිටියේ පැතුම්ය.

4 වැනි ඕවරයේ 2 පන්දුව වයිඩ් පන්දුවකි.  එක් ලකුණකට පැතුම් පැති මාරු කරගත්තේය. ඊලඟ පන්දුවට පහර දෙන්නේ කමිල් මිෂාරය. කමිල් මිෂාර ලබා සිටියේ එක් ලකුණක් පමණි. ඔහුට ආරම්භක පන්දු යවන්නෝ දැඩි පීඩනයක් එල්ල කරමින් සිටියහ. වයිඩ් පන්දුවෙන් පසු යැවූ ඉස්ලාම්ගේ පන්දුව ඉපිලී එද්දී කමිල් මිෂාර එල්ලකළ  පුල් පහර පිත්තේ කෙළවරක නැගී ඉහළ නැග්ගේය.   පන්දුව ඉපිලී යාර 30 සිමාවට එපිට ආසන්නයේ පතිතවෙද්දී මිඩ් ඕන් හි  පන්දු රැකි  මේදි හසන්  සිය වම් පසට දිව ගොස් රැක ගැනීමට තැත් කළ උඩපන්දුව ඔහු අතින් ගිලිහුනේය. අසීරු උඩපන්දුවක් බව සැබෑය. නමුත් එය රැකගතහැකිව තිබූ උඩපන්දුවකි.

තමන් අත්හැරියේ මොන ආකරයේ වටිනා කඩුල්ලක් දැයි ඊලඟ පන්දු තුනෙන් බංගලාදේශයට වැටහුනේය. කමිල් මිෂාරගේ පිත්තෙන්  4 වැනි ඕවරයේ 4 වැනි පන්දුවට ලකුණු හයකි.  5 වැනි පන්දුවට ලකුණු 4කි. අවසන් පන්දුවට ලකුණු 4කි. අවසානයේ නැවතුනේ නොදැවී පන්දු 32ක දී ලකුණු 46ක් රැස් කරගත් කමිල් මිෂාර තරගයේ වීරයා වෙමිනි. එතරේ පහර 6ක් සහ හයේ පහර 1ක් සමගින් ලකුණු 50ක් රැස් කළ පැතුම් නිශ්ශංක තරග ජයග්‍රහණය ලංකාව වෙනුවෙන් ස්ථාවර කළේය.

ඒ ලකුණු 50ත් සමග පැතුම් ශ්‍රී ලංකා වාර්තාවක් තැබුවේය. ඒ අඩුම තරග ප්‍රමාණයකින් ලකුණු 2000 ඉක්මවා ගිය මුල්ම ක්‍රීඩකයා ලෙසය. ඔහු ලකුණු 2000 ලබා ගන්නේ විස්සයි 20 ඉනිම 68කිනි.

මේ තරගයේ දී බංගලාදේශ කණ්ඩායම අපට අතිරේක ලකුණු 21ක් ලබා දී තිබිණි. බංගලාදේශ වෙනුවෙන් මේදි හසන් පන්දු ඕවර 4ක් යවා ලකුණු 29කට කඩුළු 2ක් ලබා ගත්තේය. මුෂ්ටාසිෆුර් රහ්මාන් සහ ටන්සිම් හසන් සකිබ් කඩුල්ල බැගින් ලැබූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කළුතර විද්‍යාලය අර්බුදයක…

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගවත් ඉදිරි ගමනක… ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිතවරිය කියයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.