බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංකොලොත් වී ආඩම්බර වෙන කලාව ගැන චම්පික කියයි…

අප ඉන්නේ වංචාවේ අවසාන අදියරේය... මෙතැනින් එපිට ඇත්තේ ව්‍යසනයකි..

by editor
අප්‍රේල් 8, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter
  • ගම්මැදිවලට ගොස් හෑළි නොදොඩා ඍණ අගයක් වීමට විදේශ සංචිතවලින් ණය ගෙවන වැඩපිළවෙළකට රට යොමු කරන්න….

රාජ්‍ය මූල්‍ය මෙන්ම රටේ විදේශ මුදල්වලින් සිදුකරන ගෙවීම් කටයුතු පිළිබඳව ද ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයක් හටගෙන ඇති බවත්,   ආණ්ඩුවට දේශීය හෝ විදේශීය මූලයන්ගෙන් තව දුරටත් ණය ගැනීමට නොහැකිවී ඇතිවා සේම ගත් ණය ගෙවා ගැනීමට නොහැකිව රටම මූල්‍ය බංකොළොත් වීමේ අනතුරකට ලක්ව ඇති බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ  ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රය ශ්‍රේණිගත කිරීමේ ආයතන වලින් මෙන්ම, අන්තර් ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මඟින් ගත් ණය ආපසු ගෙවාගැනීමට නොහැකිවීම පිළිබඳව පහළ තත්ත්වයකට ඇද වැටී ඇති ආකාරයයි.

එම ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ.

පසුගියදා සන්ඩේ ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කර තිබුණේ, ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නමින් (SLDB) ලබාගෙන ඇති ඩොලර් ණය රුපියල් වලින් ගෙවීමට සූදානම් වන බවයි. එයම ආණ්ඩුව සිය ණය ආපසු ගෙවීමට ඇති නොහැකියාව පිළිබඳ බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමක් බව එම ගිවිසුම් වලට එළඹීමේදී ඇතිකරගන්නා ලද කොන්දේසි වලින් පෙනී යයි. පසුව මහ බැංකුව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

අලුත්ම සෙල්ලම

දැන් ආණ්ඩුව   ලංකාවේ බැඳුම්කරවල එහි ඇත්ත මුහුණත වටිනාකම (Face Value) කෙසේ වෙතත් වෙළෙඳ වටිනාකම (Market Value) ඉතා අඩු අගයක් ගැනීම සිය හපන්කමක් සේ පෙන්වයි. මෙය සරළව පැහැදිළි කරගත හැක්කේ මෙසේය.

ආණ්ඩුව සතු ඩොලර් බිලියනයක විදේශ ණය   ආපසු ගෙවීමේදී ගෙවිය යුතු ඇත්ත මුදල වුවත් ආණ්ඩුවේ මූල්‍ය බංකොළොත්භාවය නිසා ඒවායේ වෙළෙඳ වටිනාකම ඩොලර් බිලියනයකට වඩා බෙහෙවින් අඩුවීමත් සඵලතා අනුපාතිකයන් (Yeild Value) 20% – 40% සීමාවේ තරම් ඉහළ අගයක් ගැනීමත් සිදුවේ. මෙය බැඳුම්කර නිකුතුවේද සිදුවන ක්‍රියාවලියකි.

එනම් ආණ්ඩුවේ මූල්‍ය ශක්තිය මත බැඳුම්කරයේ ඇත්ත වටිනාකමට (මුහුණත අගය) වඩා අඩු හෝ වැඩි අගයකට (වෙළෙඳපොළ වටිනාකම) ද්විතියික වෙළෙඳපොළේදී එය අළෙවි වීමය. ආණ්ඩුව මූල්‍යමය අතින් දුර්වලනම් වෙළෙඳ වටිනාකම මුහුණත වටිනාකමට වඩා අඩුවන අතර සඵලතා අනුපාතිකය ඉහළ අගයක් ගනී.  ආණ්ඩුව මූල්‍යමය අතින් ශක්තිමත් නම් මෙහි අනෙක් පැත්ත සිදුවේ.

2019 -20 මහබැංකු වාර්තා කියන කතාව

2019-20 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව 2019 වර්ෂය සඳහා විදේශ ණයගැති භාවය හඳුනාගෙන තිබුණේ ඩොලර් බිලියන 55.9 ක් ලෙසය  (66.6% ද.දේ.නිෂ්පාදිතයෙන්). එමෙන්ම 2020 දී එම මුදල් ඩොලර් බිලියන 54.8 ක් (65.3 % ද.දේ.නිෂ්පාදිතයෙන්) එනම්, ඩොලර් බිලියන 1.1 ක් අඩුවෙන් වාර්තාකොට තිබිණි. මේ ඩොලර් බිලියන 1.1 කපාහැර ඇත්තේ දේශීය මූලයන්ගෙන් ආණ්ඩුව ලබාගත් ස්වෛරී බැඳුම්කර මුදල අඩු කිරීමෙනි. මෙය මේ ආණ්ඩුව විසින් විදේශ ණය ප්‍රමාණය අඩුකර පෙන්වීමට ගැසූ ඉලක්කම් විජ්ජා ගැටයකි.

දැන් ආණ්ඩුව 2020 – 21 මහ බැංකුවේ මූල්‍ය වාර්තා ඉදිරිපත් කර ඇත. එම වාර්තාවේ 2020 සඳහා වාර්තා කර ඇත්තේ, විදේශ ණය ලෙස ඩොලර් බිලියන 49.2 කි. එනම් 2019 දී ප්‍රකාශ කළ ඩොලර් බිලියන 54.8, ඩොලර් බිලියන 5.6 කින් අඩුකර පෙන්වා ඇත. මෙයට හේතුව කවරක් ද ? විදේශ ණය මේ ලෙස අඩුවීම ආණ්ඩුවේ හපන්කමක් ද ? කිසිසේත් නැත.

ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ අන්තර් ජාතික ස්වෛරී බැඳුම්කර (ISB) වල වෙළෙඳ වටිනාකම ආණ්ඩුවේ මූල්‍ය බංකොළාත්භාවය නිසා අඩුවීම ණය අඩුවීමක් ලෙස පෙන්වීමය. ඇත්තටම ආණ්ඩුවට ණය පියවීමේදී මුහුණත වටිනාකම ගෙවීමට සිදුවනු ඇත.

2020 වසර සඳහා අන්තර් ජාතික බැඳුම්කර වල වටිනාකම ඩොලර් බිලියන 14.05 ක් වූ අතර එහි සහමුලින්ම විදේශීය මූල්‍යමය වටිනාකම ලෙස වූ කොටස ඩොලර් බිලියන 11.8 ක් විය. (Non Resident ISB) මෙය එහි මුහුණත අගය නොහොත් ඇත්තටම පියවීමට ඇති මුදලයි. නමුත් මෙහි වෙළෙඳපොළ අගය වන්නේ ඩොලර් බිලියන 7.55 කි. එනම් මුළු වටිනාකමෙන් 64% ක් දක්වා ආණ්ඩුවේ බැඳුම්කර බාල්දු වී ඇත.

ජාත්‍යාන්තර විශ්වාසය කඩා වැටීම

මෙය ශ්‍රී ලංකාවේ බැඳුම්කරවලට ඇති ජාත්‍යන්තර විශ්වාසය කඩාවැටීම පෙන්වන සාධකයකි. මේ විශ්වාසය කඩාවැටීමේ සාධකය තමන් ජාත්‍යන්තර වශයෙන් ගත් ණය ප්‍රමාණය අඩුවීමක් ලෙස පෙන්වමින් තමන්ගේ හපන්කමක් ලෙස පෙන්වාදීමට ආණ්ඩුව කටයුතු කර ඇත.

ඇත්තටම රටේ බංකොළොත්භාවය ලැජ්ජාවීමට කරුණක් මිස, ආඩම්බරයට කරුණක් නොවේ. එමෙන්ම එම බංකොලොත්භාවයට ප්‍රධාන කරුණක් වන්නේ 2005 – 2015 කාලයේ රාජපක්ෂවරු විදේශීය මූළ්‍ය වෙළෙඳපොළෙන් අධික පොලියට ලබාගත් ණය ප්‍රතිඵලදාක නොවන ආයෝජන කිරීම නිසා ආපසු ගෙවීමට නොහැකි වීමයි.

කළ යුත්තේ කුමක් ද?

අවසාන වශයෙන් ප්‍රකාශ කළ යුත්තේ, ගම්මැදිවලට ගොස් හෑළි දෙඩවීම නොව, ජනාධිපතිවරයාත්, මුදල් ඇමතිවරයාත් කළයුතු වන්නේ මුළු රාජ්‍යයේම සම්පූර්ණ අවධානය රට විදේශ ණය ගෙවීම පිළිබඳව යොමු කිරීමය.

දැනට මහ බැංකු වාර්තා අනුව අප විසින් 2021 වසර සඳහා ගෙවා ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.1 ක් වන අතර මේ වසරට ගෙවිය යුතු සම්පූර්ණ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.9 කි. එනම් ඩොලර් බිලියන 4.8 ක් ඉදිරි කාලයේදී ගෙවීමට සිදුව තිබේ. නමුත් විදේශ සංචිත ඇත්තේ ඩොලර් බිලියන 4.4 ක් පමණි. ආණ්ඩුව කල්පනා කළ යුත්තේ, මෙය කෙසේ පියවන්නේද යන්න හා  2022 වසරේදී සෘණ ගණනක් වීමට නියමිත අපේ සංචිත වලින් ඩොලර් බිලියන 7/8 ක් පමණ වන විදේශ ණය ගෙවන්නේ කෙසේද යන්න ගැනය.

2005-2015 කාලයේදී ද ඉලක්කම් විජ්ජාවලින් ණය බර අඩුකර පෙන්නා මායාවන් කළාට, ණය අර්බුදය විසඳුනේ නැත. දැන් එම වංචාවේ අවසාන අදියරට ආණ්ඩුව පැමිණ සිටී.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට

Next Post

කැරොලයින් සහ චූලා අත්අඩංගුවට

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.