1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අද (08) සිට තැපෑල අත්‍යාවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය නිකුත් වන්නේ නුවරඑළිය සහ මහනුවර තැපැල් දෙපාර්තමේන්තුවට අයත් පෞරාණික ගොඩානැගිලිවල ඇති තැපැල් කාර්යාලවලින් වහාම ඉවත් වන ලෙස දන්වා එම ගොඩනැගිලි ඉන්දියානු සමාගමක් වෙත හෝටල් කර්මාන්තයකට විකණීමට එරෙහිව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් පැය 48ක සංකේත වර්ජනයක් දියත් කිරීමත් සමගය.
අද තැපැල් සේවකයෝ සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳ දැනුම්වත් කිරීමට මල්වතු මහ නා හිමියෝ හමුවූහ.
මල්වතු මහා නායක හිමියන් ප්‍රකාශ කළේ තමන් අනුශාසනා ලබා දෙන නමුත් දේශපාලකයින් තම අනුශාසනාවලට ඇහුම්කන් නොදෙන බවය.