බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෝලිමේ  පැය 06ක් බලා සිටි මිනිසුන් ඉදිරියේ ඉන්ධන නැති බව කී පිරවුම්හල විශ්‍රාමික පොලිස් ලොක්කෙකුට ඇරිලා…

මිනුවන්ගොඩ රථවාහන පොලිසිය විරෝධය පෑ ජනතාවට තුට්ටු දෙකේ චන්ඩිපාට් දාන්න යයි... මිනුවන්ගොඩ “රඹුක්කනක්“ නොවී බේරෙයි!  

by editor
මැයි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්ධන නැති බව පවසමින් වසා දමා තිබූ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට පැය හයක් තිස්සේ පෝලිමේ සිටි විශාල ජන පරිසක් ඉදිරියේ  අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙන් කර ඇතැයි කී ඉන්ධන කෝටාවෙන් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ  කාර්  රථයකට ඉන්ධන සපයා දුන්   මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක්  නිසා මිනුවන්ගොඩ ඇතිවන්නට ගිය බරපතල ගැටුම්කාරී තත්ත්වයක් මීට ටික වෙලාවකට පෙර අනූ නවයෙන් වැලකී ගියේය.

අලුයම සිට ඉන්ධන පොලිමේ රැඳී සිටිය ජනතාව ඉදිරියේම  ඉන්ධන නැති අඟවා ලනු ඇද තිබූ පිරවුම්හලේ ලනු ඉවත් කරමින් සිවිල් කාර් රථයක්  ඇතුළු කර ඉන්ධන ලබා ගත් පොලිසියට එල්ල වූ විරෝධයට  පිළිතුරු සැපයීම සඳහා  මිනුවන්ගොඩ පොලිසියේ  රථ වාහන අංශයේ නිලධාරියෙක්    අශිෂ්ට පොලිස් පාට් දැමීමට යෑම  ගැටුම ඇතිවීමට මූලික හේතුව විය.

රථය ඉන්ධන ලබා ගන්නා අන්දම

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මිනුවන්ගොඩ නගර මධ්‍යයේ ඇති සමූපකාර ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නොතිබුණු බව පවසා ලනු ඇද  වසා දමා තිබිණි. ඉන්ධන බවුසරයක් අපේක්ෂාවෙන් පාන්දර 04 සිට මිනිස්සු ඉන්ධන පොලිමේ රැඳී සිටියහ.

මේ අතර උදේ 10 ට පමණ මිනුවන්ගොඩ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් සිවිල් වැගන් ආර් රථයකින් පැමිණ  ඉන්ධන නැති බව කී  ඉන්ධන පිරවුම්හල ප්‍රවේශයේ  ඇඳ තිබූ  ලනු ඉවත්  රථය ඇතුළට ගෙන ඉන්ධන ලබා ගත්තේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

පැය හයකට ආසන්න වෙලාවක් පෝලිමේ සිටි ජනතාවට මේ සිදුවීම දරාගත නොහැකි විය. ඔවුහු සිය විරෝධය දැඩි ලෙස ප්‍රකාශ කරද්ද ඉන්ධන  ලබා ගැනීමට පැමිණි රථවාහන අංශයේ නිලධාරියෙක්   ජනතාවටත් වඩා ආවේගයෙන් හැසිරෙන්නට විය.

ප්‍රශ්නයට තුඩු දුන් රථය…

අවසානයේ දි මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පැමිණ ජනතාව සංසුන් කරමින් අවේගශීලීව හැසිරුණ පොලිස් නිලධාරියා ද ඉවත් කිරීමට කටයුතු කළේය.

මෙම  වැගන් ආර් රථය මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ එක්ක බව කියැවිනි. එහෙත් ස්ථානාධිපතිවරයා කීවේ එම රථය පොලිසියේ විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකුගේ එකක් බවය. පොලිස්  නිල ලාංඡනය එහි සඳහන් නොවන්නේ ඒ නිසා බවත් කීවේය.

ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන තිබෙන අවස්ථාවක නැති බව ප්‍රකාශ කරන්නේ කුමක් නිසාදැයි ඉන්ධන පිරවුම්හල් හිමියාගෙන් විමසූ විට ඔහු කීවේ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන ටිකක් ඉතිරිකර ගැනීම ක්‍රමවේදය බවය.

අවසානයේ දී හෙළි වන්නේ මිනිසුන් සිය ගණනක් පැය ගණන් පෝලිම්වල සිටිය දී   අත්‍යාවශ්‍ය සේවා සඳහා ලබා දීමට වෙන් කර තිබූ  ඉන්ධන කෝටාවෙන් විශ්‍රාමික පොලිස් ප්‍රධානියෙක් වෙත ඉන්ධන ලබා දීමට යෑම නිසා මේ අවුල්කාරී තත්ත්වය ඇති වී තිබෙන බවය.

මේ වනවිට තත්ත්වය සමථයකට පත්වී ඇත. ඉන්ධන බවුසරයක්  පිරවුම්හල වෙත ලඟා වී ඇති බව වාර්තා වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නියෝජ්‍ය කථානාය ධුරය සඳහා තව ස්වල්ප වෙලාවකින් ඡන්ද විමසීමක්!

Next Post

පාර්ලිමේන්තුව අවට මාර්ග දෙදිනක් වසා දැමේ… ජනතාව දැඩි පීඩාවට…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.