බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොළොන්නරුව මහා රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 43න් 3ක් විදෙස් ගත වෙලා….සාමාන්‍ය වෛද්‍යවරු 5ක්තු ගිහින්…GMOA කියයි

පොලොන්නරුව වකුගඩු රෝහල සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 10ක් අවශ්‍යයි - ඉන්නේ 3යි

by Lanka Sara Editor
සැප්තැම්බර් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න

පොලොන්නරුව මහ රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරු හතළිස්තුන්දෙනාගෙන් තිදෙනෙකුත්, සාමාන්‍ය වෛද්‍යවරුන් පස්දෙනෙකුත් මේ වන විට රට හැරගොස් ඇති බවත්, ඉදිරියේදී විභාගවලට මුහුණ දීමට නියමිත වෛද්‍යවරුන් පනස්දෙනෙකුත් රට හැරයෑමේ අවදානමක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පොළොන්නරු දිස්ත්‍රික් සම්බන්ධීකාරක සංජීව අමරසිංහ පැවසීය.
පොලොන්නරුව වකුගඩු රෝහල සඳහා විශේෂඥ වෛද්‍යවරුන් දහයකගේ අවශ්‍යතාවය පැවතියද මේ වනවිට එහි සේවය කරන්නේ විශේෂඥ වෛද්‍යවරු තිදෙනකු පමණක් බවද අමරසිංහ මහතා කීවේය.
පොළොන්නරුව මහ රෝහලේදි පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමරසිංහ මහතා එම කරුණු අනාවරණය කළේය.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ පොළොන්නරු දිස්ත්‍රික් සම්බන්ධීකාරක සංජීව අමරසිංහ මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී තවදුරටත් මෙලෙස කරුණු අනාවරණය කළේය.
පොළොන්නරුව මහ රෝහල විශේෂඥ වෛද්‍යවරුන් හතළිස්තුනක් සහ ‍‍ශ්‍රේණි වෛද්‍යවරුන් 235 කගේ සේවය ලබනවා,
ඉන් ළමා රෝග, විකිරණවේදී සහ ප්ලාස්ටික් සැත්කම් සිදුකරන විශේෂඥ වෛද්‍යවරු තිදෙනකු, රටේ අර්බුදකාරී තත්ත්වය හමුවේ රට හැර ගොස් තිබෙනවා. පවතින තත්ත්වය අනුව පොළොන්නරුව මහ රෝහලේ වගේම පර්යන්ත රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවාව පුළුල් කිරීමට අවශ්‍යතාවක් තිබෙනවා, නමුත් ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරු ශ්‍රී ලංකාව තුළ නැහැ. ඔවුන් රට හැර යමින් පවතිනවා. වෛද්‍යවරුන් රටහැර යෑමට ප්‍රධානම හේතුව තමයි දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ට වැටුප් ප්‍රමාණවත් නොවීම. ඒ වගේම වෛද්‍යවරුන්ට ලැබෙන වැටුපෙන් අධික ලෙස බදු අයකිරිම. ලක්ෂ දෙකක් වැටුප් ලබන වෛද්‍යවරයෙකුගෙන් රුපියල් 30,000 පමණ මුදලක් බදු වශයෙන් අය කරනවා, රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙනයාමේදී, පවතින ඖෂධ ගැටළු, ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා අපි මහත් අපහසුතාවට පත්ව සිටිනවා. අපි තමයි රෝගීන් සමග නිතර ගැටෙන්නෙ. අපි රෝගීන් ළඟට ගිහිල්ලා මේ ඖෂධ බාහිරින් ගන්න කියද්දී අපි කණගාටුවට පත්වෙනවා. රෝගින් අපහසුතාවට පත්වෙනවා. එතකොට ඒ රෝගීන් බාහිරින් ඖෂධ නොගැනීම නිසා රෝගීන් මියයන තත්ත්වයට පත්වෙලා තියෙනවා. බෝනොවන රෝග අධික ලෙස වැඩිවෙලා තියෙනවා. ඒ වගේම බාල ඖෂධ ගෙන්වා රෝගීන්ට ලබාදීම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි බිඳ වැටීමකට ලක්වෙලා තිබෙනවා. සීතල කාමරවල ඉන්න සෞඛ්‍ය ඇමතිවරයා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන් මේවා දන්නෑ. මේ තත්ත්වයට අපි තමයි මූණ දෙන්නෙ. අපි ඉතා ගෞරවයෙන් ඉල්ලීමක් කරන සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු අදාළ වගකිව යුත්තන්ගෙන් මෙම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළුවලට ඉතා කඩිනම් විසඳුම් ලබාදෙන්න කියලා.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෛත්‍රී තාත්තා දයාසිරි පුතාගේ බෙල්ල කැපූ හැටි දයාසිරි පුතාම කියයි!

Next Post

වැලිකඩ බන්ධනාගාර රෝහල මෝචරියක් විමේ අවදානමක… රෝහල තුළ උග්‍ර ඖෂධ හිඟයක්…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.