පොහොර කප්පාදුව තේවලට කළ විනාශය පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය වසරේ ජූනි මාසයට සාපෙක්ෂව මේ වසරේ ජූනි මාසය වන විට තේ දළු කිලෝ ලක්ෂ දා හතරක පලදාවේ අඩුවක් වාර්තා වී ඇති බවත් මේ තත්වය ඇති වූයේ රජය අදූරදර්ශී ලෙස පොහොර ඇතුළු යෙදවුම් එක්වරම කපා හැරිම නිසා බවත් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

දේශිය අපනය බරපතල ලෙස කඩා වැටී තිබිය දී ඩොලර් මිලියන එක්දාස් තුන්සීයක ආදායමක් ලැබූ තේ අපනයනයෙන් ලබන ආදායම ඉදිරි මාස කීපවය තුළ හරි අඩකින් අඩුවීමේ අවදානමක් ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“ මේ රටේ අපනයන ආදායමෙන් සියයට 25ක් සම්පූර්ණ කරන්නෙ කෘෂි ක්ෂේත්‍රය.
ගිය අවසරෙ ජුනි මාසය හා සංසන්දනය කරලා බලනකොට මේ අවුරුද්දේ ජුනි මාසයේ දි අපේ රටේ තේ නිශ්පාදනය කිලෝ ග්‍රෑම් දා හතර ලක්ෂයකින් අඩු වී තිබෙනවා. ගිය වසරේ ජනවාරි වල සිට අප්‍රේල්වලට දක්වා කාලයට සාපෙක්ෂ්ව වැඩි අස්වැන්නක් ලැබී තිබිය දී පොහොර ඇතුළු යෙදවුම් කපා හැරීමෙන් පසු මේ අස්වැන්න අඩු වීම වාර්තා වෙනවා.“

මෙය විශේෂ ස්වභාවික හේතුවක් නෙමෙයි. මේ ඇති වී තිබෙන තත්වය පිළිබඳ සැලැස්මකින් තොරව පොහොර සහ අවශ්‍ය යෙදවුම් තහනම් කිරීම හේතුවෙන් ඇති වූ නිශ්ඡිත බලපෑමයි.

ඊලඟ ජූලි අගෝස්තු වනවිට   කඩාවැටීමකට ලක් වී සැප්තැම්බර පමණ වනවිට විශාල බිඳ වැටීමක්  වෙනවා. අපේ රටේ තේ වලින් ඩොලර් බිලියන 1.3ක ආදායමක් අපට ලැබෙනවා. මෙය ඩොලර් මිලියන 650 තෙක් දෙකෙන් පංගුවෙන් අඩු වීමේ අනතුරකට මුහුණ දී තිබෙනවා. යැයි මන්ත්‍රීවරයා කීවේය.

Exit mobile version