පොහොට්ටු මන්ත්‍රීනී ගීතා ඇවන්ගාර්ඩ් සභාපතිගෙන් කළ  ඉල්ලීම … ජනපති හමුවීමට අවස්ථාවක් ලබා දෙන්න!  

රන්ජන් රාමනායක නිදහස් කරන ලෙස ඉල්ලමින් තමන් ඇතුළු කලාකරුවන් අත්සන් කළ පෙත්සමක් ජනාධිපතිවරයා වෙත ලබා දෙන්නැයි ද, එතුමා හමුවීම සඳහා අවස්ථාවක් සලසා දෙන්නැයි ද ඉල්ලීමක් කිරීම සඳහා  පොහොට්ටු මන්ත්‍රී ගීතා කුමාරසිංහ කලාකරුවන් පිරිසක් සමග ඊයේ (26) ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති හමුවීමට ගොස් තිබේ.

පිටකෝට්ටේ හෝටලයක පැවති මෙම හමුවේ දී මන්ත්‍රී ගීතා කුමාරසිංහ ඇතුළු කණ්ඩායම  ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයාට තම පෙත්සම භාරදෙන ලෙසත්, ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වීම සඳහා තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙසත්ය.

එහිදී නිශ්ශංක සේනාධිපති මෙසේ ප්‍රකාශ කළේය.  “වත්මන් ආණ්ඩුව කිසි කෙනෙක්ව වැරදි  නොකර අනවශ්‍ය දේවල්වලට හිර කරන්නවත්  හිරේ අරින්නවත්  ගිහිල්ලත් නෑ. අපිට රන්ජන් සමග කිසි ප්‍රශ්නයකුත් නෑ. මා දන්න හැටියට මේ රජය එහෙම එක එක්කෙනා පස්සෙ එළවන්නෙ නෑ. “


“ඔගොල්ලො ඉල්ලන් ආපු ඉල්ලීම ගැන මා අදාල බලධාරීන්   දැනුම්වත් කරනවා. ගරු ජනාධිපතිතුමාව දැනුම්වත් කරනවා. එතුමාව ඔබතුමාලට හම්බවෙන්න අවස්ථාවක් ලබා දෙන්න පොරොන්දු වෙනවා. මම මේ දීපු පෙත්සම අනිවාර්යයෙන් ගරු ජනාධිපති තුමාට ඉදිරිපත් කරනවා.  දවස් දෙකක් තුනක් විතර ඇතුළත.“

නිශ්ශංක සේනාධිපති එසේ පොරොන්දු වුනේය.  අනතුරුව පොහොට්ටු මන්ත්‍රී ගීතා කුමාරසිංහ කීවේ  දැන් නිදහස්  දවසේ ඔහුට නිදහස ලැබීම අනිවාර්ය යැයි තමන් විශ්වාස කරන බවය.

“ එය සාර්ථක වෙනවා කියලා දැන් මට විශ්වාසයක් තියනවා.“ ඇය කීවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිනමා නිළි දිල්හානි අශෝකමාලා සහ සිනමා නළු අර්ජුන කමලනාත් ප්‍රකාශයන් කරමින් නිශ්ශංක සේනාධිපති ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වී ජනාධිපතිවරයා දැනුම්වත් කර ජනාධිපති  විධාය බලතල යොදා රන්ජන් රාමනායක නිදහස් කරගැනීමට  මැදිහත් වනු ඇති බවත් ඒ සඳහා ඔහුට හැකියාවක් ඇතැයි ඔවුන් විශ්වාස කරන බවත්  කීහ.

Exit mobile version