පොහොට්ටුව ජොන්ස්ටන්ට, රෝහිතට, සහ මහින්දානන්දට ප්‍රධාන කැබිනට් ඇමති ධූර ඉල්ලයි!

නව කැබිනට් සංශෝධනයේ දී  මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්ට ප්‍රධාන කැබිනට් අමාත්‍ය ධූර තුනක් පිරිනමන ලෙස පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

පක්ෂයේ වගකීම් භාරය ආණ්ඩුව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසුම ක්‍රියාකාරීන් ලෙස පොහොට්ටුව ඔවුන් තිදෙනා නම් කර ඇතැයි දැනගන්නට ඇත.

කෙසේ වෙතත්  මෙම පුද්ගලයින් තිදෙනාම ජනතා අප්‍රසාදය හේතුවෙන් කැබිනට් ඇමති ධුරවලින් ඉවත් කිරීමට සිදුවූ තිදෙනෙක් වීම විශේෂය.

මේ තරම් රට ව්‍යසනයක් ඇති කර ජනාධිපතිවරයාට රටින් පලා යෑමට සිදුවූ ජනතා විරෝධයට මූලික වුන මැයි 09 ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීම සම්බන්ධව ප්‍රධාන භූමිකාවක් සිදුකළ බවට ජොන්ස්ටන් ප්‍රනාන්දුට අධිකරණය ඉදිරියේත් චෝදනා ගොනු විය.


මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවරයා   හිටපු ජනාධිපතිවරයා සමග දියත් කළ අදූරදර්ශී කාබනික ගොවිතැන හා රසායනික පොහොර තහනම හේතුවෙන් රටේ කෘෂිකර්මාන්තය මුලුමනින්ම බිඳ දැමීමේ චෝදනාවට ලක් වී ජනතා උදහසට ලක්වූවෙකි.

රෝහිත අබේගුණවර්ධන පොහොට්ටුවේ සකලවිධ දූෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දැඩි ගර්හාවට ලක්වූවෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ වනතුරු මෙම යෝජනාව සම්බන්ධව ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය දැනගන්නට නැත. පොහොට්ටුවේ සහය සහිතව ජනාධිපතිකම් කරන රනිල් වික්‍රමසිංහට මෙම යෝජනාවට පිටු පෑමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වනුඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

Exit mobile version