කීර්ති ප්‍රනාන්දු –
පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනකු විසින් සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ ජාතික ජන බලවේගයේ ආධාරකරුව මිනුවන් ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පහ මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .
ඊයේ (29) සවස 2 ට පමණ ජාතික ජන බලවේගයේ ආධාර කරුගේ නිවසට පැමිණ ඇති පොදු ජන පෙරමුණේ ආධාර කරුවන් දෙදෙනා මාලිමාවට වැඩ කරන්න එපා යැයි කියමින් බැණ වදිමින් මෙම පහරදීම සිදුකර තිබේ.
පහර කෑමට ලක්වී ඇත්තේ අංක 83/ඩී වෑලිය උතුර මිනුවන්ගොඩ පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ පූර්ණිම ප්‍රභාත්( 39) නැමැති විවාහක අයෙකු බවද පොලිසිය පවසයි .
සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී ඇතැයි පවසන මිනුවන්ගොඩ පොලිසිය සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි කියා සිටි







