පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම අනිද්දා (07) පක්ෂ මූලස්ථානයේ දී සිදුකරන බව පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජයරාම පාරේ ඇති නිල නිවසේ දී බැසිල් රාජපක්ෂගේ ද සහභාගීත්වය සහිතව අද පෙරවරුවේ පැවති පක්ෂයේ විශේෂ අභ්‍යන්තර සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
පක්ෂයේ අපේක්ෂකයා නම් කිරීම වැනි වැදගත් ප්‍රවේශයක් පක්ෂ කාර්යාලය තුළ දී සිදුකළ යුතු බවට වූ බහුතර මතයට හිස නමා පක්ෂ කාර්යාලයේ දී අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම සිදුකරන බව ද ඔහු කීවේය.







