ජනපතිවරණය සඳහා පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබෙන්නේ අකුරු තුනේ නායකයෙක් බව එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති, මහාචාර්ය රංජිත් බණ්ඩාර කියයි.
අකුරු තුන හෙළි කරන්නේ එළඹෙන නොවැම්බර් මස පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේ දී බවත් ඔහු පවසයි.
ඔහු මේ බව පවසන්නේ අද (28) මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මහාචාර්ය බණ්ඩාර මෙසේ ද කියන්නේය.
“ මේ රටේ සියලු දේශපාලන පක්ෂ වල මහජන නියෝජිතයින් කල්පනා කරන්නේ ඊළඟ මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට පත්වීම සඳහා හොඳම අවස්ථාව තිබෙන්නේ කොතන ද කියන එක. ඒ අනුව මේ වනවිට බොහෝ පක්ෂවල අය බැසිල් රාජපක්ෂ මහතා හමුවී රහසේ සාකච්ඡා පවත්වනවා. “
“දේශපාලනය හා පරිපාලනය කියන්නේ එකක් නොව දෙකක්. දේශපලනඥයින් වෙනස් වුවත් නිලධාරීන් අඛන්ඩව ආයතනවල කටයුතු කරනවා. අද සිටින බොහෝ නිලධාරීන් එන දේශපාලනඥයාට අනුව ටයි පටියේ පාට මාරු කරන අය. “
“ ඒ කාලේ හිටියේ ස්ථිර ලේකම්වරු. ඒත් දැන් එවැනි තත්ත්වයක් නෑ… සියලු ක්ෂේත්රවල පිරිහීමක් ඇති වීමට මෙය ප්‍රධාන හේතුවක්”
මහාචාර්ය රංජිත් බණ්ඩාර කීවේය.