සූරියවැව නුවන් ජයසේකර –
පොසොන් පොහාය නිමිත්තෙන් කතරගම කිරිවෙහෙර පුදබිමේ පැවති ආගමික වතාවත් සදහා විශාල සැදැහැවතුන් පිරිසක් අද (21) කිරිවෙහෙර පුදබිමට පැමිණ සිටිති.
කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති ,රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දවස පුරා පුදබිමේ ආගමික වැඩසටහන් පැවැත්වීමට නියමිතය.
මෙහිදී කිරිවෙහෙර රජමහා විහාරයට අයත් සාලිය හස්ථි රාජයාද මෙම ආගමික වැඩසටහන් සදහා එක් වී සිටියි. හස්ථියා කිරිවෙහෙර සෑ රදුන් වැදපුදා ගත් අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් වීය.







