නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00 සහ සියයට 12.00ක් වෙයි.
මේ අතර උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීම ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
තාවකාලික අයිරා මත වාර්ෂිකව සියයට 23ක සීමාවක් සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් මත වාර්ෂිකව 28%ක පොලි සීමාවක් පැනවීමටත් ඔවුන් තීරණය කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල ඊයේ ( 23 ) පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
2023 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ මූල්‍ය තත්ත්වයන් සැලකිය යුතු ලෙස ලිහිල් කිරීම සැලකිල්ලට ගනිමින් දේශීය මෙන්ම ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ සියුම් විශ්ලේෂණයකින් අනතුරුව මණ්ඩලය මෙම තීරණයට එළැඹුන බව මහ බැංකුව කියයි.
මෙතෙක් ක්‍රියාත්මක කර ඇති මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් අනුපාත සහ වෙළෙඳපොළ පොලී අනුපාත කඩිනමින් සකස් කිරීමට ඉඩ සැලසීමේ අවශ්‍යතාවය මතු වී ඇති නමුත් ඇතැම් ණය දෙන අංශ වෙළඳපල පොලී අනුපාත අධික ලෙස පවත්වාගෙන යන බවත් එය වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූල නොවන බවත් මණ්ඩලය නිරීක්ෂණය කර ඇති බව ද මහ බැංකුව කියයි.
ඒ අනුව, අධික ලෙස සලකන විශේෂිත ණය පොලී අනුපාත අඩු කිරීම සඳහා ඉලක්කගත පරිපාලන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත්, ඉදිරි කාලය තුළ සමස්ත රුපියලේ ණය පොලී අනුපාත සුදුසු ආන්තිකයකින් අඩු කිරීමට බලපත්‍රලාභී බැංකුවලට යොමු කිරීමටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
සම්පූර්ණ ලියැවිල්ල පහත දිගුවෙන් ලබා ගන්න…