පොලිසිය  කොළඹ මහනගරසභා සීමාව තුළ තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු රැස්කරයි…

ජාතික ආරක්ෂාව සුරකිමු, මත්ද්‍රව්‍ය දුරලමු වැඩසටහන යටතේ කොළඹ නරගයේ අපරාධ හා  මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දුරලීම අරමුණු කරගනිමින් නගරයේ තාවකාලිකව පදිංචි වී සිටින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටින පුද්ගලයන්ගේ තොරතුරු එක් රැස් කිරීමේ වැඩසටහනක් අද (14) හෙට (15) සහ අනිද්දා (16)  තෙදින තුළ ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

එහිදී කොළඹ මහනගරසභා බලප්‍රදේශය තුළ ස්ථිර පදිංචිකරුවන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ආයතන, රාජ්‍ය හෝ පුද්ගලික පරිශ්‍රයන්, ඉදිකිරීම් භූමි ආදියෙහි නවාතැන්ගෙන සිටින සියලුම තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු ලබා ගැනීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තෙදින තුළ ප්‍රදේශයේ මං මාවත්වල සහ විදීවල සැරිසරන පොලිස් කණ්ඩායම්වලින්  මේ වෙනුවෙන් සකස් කර ඇති පෝරමය ලබාගෙන තම තාවකාලික පදිංචිකරුවන් පිළිබඳව නිවැරදි තොරතුරු එම පොලිස් නිලධාරීන් වෙත හෝ පොලිසි වෙත භාරදීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය දන්වා සිටී.


Exit mobile version