ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කිරීමට දක්ෂයින් තොරා ගැනීම සඳහා ඉකුත් මාර්තුවේ පැවැති සම්මුඛ පරීක්ෂණ සදහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් 27 දෙනෙක් ඉදිරිපත් වී ඇති බවත් ඒ අයගෙන් 15 දෙනෙක්ම සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලබා ඇති බවත් පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.
රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් මෙපමණ පිරිසක් මෙසේ ඉහළට යන පළමු අවස්ථාව බව සැලකෙන්නේ මෙවරය.
මෙයට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් උසස්වීම් ලැබීමේ ප්‍රතිශතය පැවතියේ පහළ අගයක බව පොලිස් තොරතුරු සඳහන් කරයි.