සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් ඇමති තුමා… ඇදගෙන නාගන්නේ නැතිව පොලිස්පති එක්ක කතා බහ කරන් එක කතාවක් කියන්න..

by editor
ඔක්තෝබර් 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය-

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර 2025.09.06 දා තමන්ට මරණ තර්ජන ඇති බැවින් ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා  වෙත ලිපියක් යොමු කර ඇති බවත්, එම  ලිපියට අදාලව  සුදුසු  පියවර ගැනීමට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට 2025.09.12 වැනි දින පොලිස්පතිවරයා විසින් යොමු කර ඇති බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම ලිපිය මාතර හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාතර හම්බන්තොට දිසාව හරහා මූලස්ථාන පොලිස් පරීක්ෂක වැලිගම හා ස්ථානාධිපති මිදිගම වෙත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කර ඇතැය ද එම නිවේදනයේ සඳහන් වේ. මේ දැක්වෙන්නේ එම නිවේදනය ය.

එහෙත් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී විපක්ෂය විසින් ප්‍රශ්න කරන විට පොලිිසිය භාර අමාත්‍යවරයා කීවේ රජයේ අපරාධ චෝදනාගාරයේ ලියාපදිංචි, අයි.ආර්.සී අපරාධකරුවෙකුට ආරක්ෂාව සැපයීමට වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ පොලිසියට බලතල නොමැති  බවය.

ප්‍රශ්නය වන්නේ පුද්ගලිකව වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කළේ ඔහුගේ පුද්ගලික නිවසේ දී හෝ මහ මගදී නොව, රාජ්‍ය ආයතනයක් තුළ ජනතා නියෝජිතයෙක් ලෙස සිය කාර්යාලයේ රාජකාරි කරමින් සිටිය දී වීමය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ප්‍රශ්නය ඇත්තේ තමන්ට ඇති මරණ තර්ජනය පිළිබඳව ජනතා නියෝජිතයෙක් දැනුම් දීමෙන් අනතුරුව ඔහු සේවය කරන රාජ්‍ය ආයතනයේ ගේට්ටුව ලඟට පොලිසියේ උන් දෙන්නෙක් යොමු කිරීමට නොහැකි වීමය.

ඇමතිවරයාගේ තර්කය අනුව හරක් කටාට පොලිස් හමුදා ආරක්ෂාව ලබා දීම නීත විරෝධීය. දෙමටගොඩ චමින්දට ආරක්ෂාව ලබා දිමත් නීති විරෝධීය. උන්ට ආරක්ෂාව ලබා දෙන්නේ උන් රාජ්‍ය භාරයේ සිටින නිසා නම්  මරණ තර්ජනයක් සහිත ජනතා නියෝජිතයෙකු රාජ්‍ය ආයතනයක් තුළ වෙඩි තබා ඝාතනය කිරීම වළක්වා ගැනීමට පොලිසියේ  දෙන්නෙක් ආයතනයේ ගේට්ටුව වෙත යොමු කිරීමට ආරක්ෂක ප්‍රධානින්ට  නොහැකි වන්නේ කුමක් නිසාදැයි විමසිය යුුතුව තිබේ.

පහුගිය වකවානුව තුළම අප දුටුවේ පොලිසිය දුන් දිරා  ගිය ලනු  පොලිස් ඇමති    උදේ හවස කන බවය.  ඒ අනුව පාර්ලිමේන්තුවේ කතා කියා උදේ හවස නෝන්ඩි වන බවත්ය. ඇමතිගේ අයි.ආර්.සී කතාවත් එසේය. දැන් පොලිස්පති කියන කතාවෙන් ඇමති චක බ්ලාස්ට් වී ඇත්තේය.

අප කියන්නේ දැන්වත් පොලිස් පතිත්, පොලිස් ඇමතිත් කියන දෙයක් එක කතාවක සිට රටට කිව යුතු බවය. එසේ නොමැති නම් මේ ආණ්ඩුවත් පොලිස් ඇමතිත් එකට තබා කෙලවා ගන්නේ පොලිසියෙනි.

මෙය මිදිගම ලසා ගැන කතාවක් නොවේ. මිදිගම ලසා තුට්ටු දෙකේ පාදඩ අපරාධකාරයෙක් බව රටම දන්නේය. ඔහුගේ අතීති පැවැත්ම ඔහුගේ අනාගතය තීරණය කරන්නට නියමිතව තිබුණු බවත් රටට අරුමයක් නොවේ.

ප්‍රශ්නය වන්නේ මරා දමන්නේ මිදිගම ලසා නොවීමය. මරා දැම්මේ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිය.  අනෙක් කාරණාව වන්නේ ඔහුව මරා දමන්නේ මහජන දිනය දා ප්‍රදේශීය සභා ගොඩනැගිල්ල තුළ සභාපතිවරයාගේ කාමරය තුළ වීමය.

කටඋත්තර නැති වෙන්න කෙළවුන විට කතා කරන්නට දෙයක් නැතිනම් හොඳම දේ කට වසාගෙන සිටීමය. එසේ නොවුන විට මිනිස්සුන්ට  සිදුවන දේ පොලිස් ඇමති ආනන්ද විජේපාල   රටට පෙන්වා ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තායිලන්ත ප්‍රදානයන් ලෙස ලැබුන පසු වසර ගණනාවක්  කෲර ලෙස නොසලකා හළ තවත්  ඇතුන් දෙදෙනෙක් යළි සිය රටට ගෙන්වා ගැනීමට තායිලන්තය සැරසෙයි…

Next Post

බදු පොලු තැබූ අරක්කු කොම්පැණිවලට වෙන දේ…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.