සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති වෙන්නට හිටි නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපා දැමූ හැටි…

by editor
ජූලි 21, 2025
in පුවත්
Nilantha-Jyawardhana
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපා දැම්මේය. මේ නිලධාරියා සම්බන්ධව සමස්ථයක් ලෙස පොලිස් සේවය තුළ තිබුණේ ගෞරවයකි. ඔහු සිය අදූෂිත භාවය තහවුරු කළ අයෙක් බව කියැවිනි. එමෙන්ම දක්ෂතාවය සම්බන්ධව හායනයක් නොපෙන්වූ නිලධාරියෙකි. දේශබන්දුගෙන් පසු පොලිස්පති ධූරය දැරීමේ අවස්ථාව තිබුණේ නිලන්ත ජයවර්ධනයට. එහෙත් අද ඔහු පොලිස් ඉතිහාසයේ සිටි බරපතලම අසමත් නිලධාරියාය. මහා ඛේදවාචකයක් වළක්වා නොගත් ඉතිහාසගත අදක්ෂයා ය.   

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­රය ගැන කල්තියා ඉන්දි­යානු බුද්ධි අංශ­ය­කින් තොර­තුරු ලැබී තිබි­ය­දීත් ප්‍රහා­රය වළක්වා ගැනී­මට නිසි ක්‍රිය­මාර්ග නොගැ­නීම සම්බ­න්ධ­යෙන් රාජ්‍ය බුද්ධි සේව‍යේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නිලන්ත ජය­ව­ර්ධන වහාම ක්‍රියා­ත්මක වන පරිදි සේව­යෙන් පහ­කි­රී­මට ජාතික පොලිස් කොමි­ෂන් සභාව තීර­ණ­ය­ කර තිබේ. 

නිලන්ත ජය­ව­ර්ධන  සම්බ­න්ධ­යෙන් පැවති ත්‍රිපු­ද්ගල විනි­ශ්චය සභාවේ වාර්තාව පොලිස් කොමි­ෂන් සභා­වට ලැබී­මෙන් අනතු­රුව පසු­ගිය 17 වෙනිදා රැස්වූ ජාතික කොමි­ෂන් සභාව එම විනය පරී­ක්ෂණ මණ්ඩල වාර්තාව ගැඹු­රින් සලකා බලා මෙම තීර­ණ­යට එළඹ තිබිණි.

ත්‍රිපුද්ගල විනිශ්ඡය සභාව සහ විනය පරීක්ෂණය

ජාතික පොලිස් කොමි­ෂන් සභාව විසින් නිලන්ත ජය­ව­ර්ධන මහතා සම්බ­න්ධ­යෙන් විනය පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වී­මට ත්‍රිපු­ද්ගල විනි­ශ්චය සභා­වක් පත්ක­රනු ලබන්නේ 2024 වසරේ ජූලි 01 වැනි­දාය. විශ්‍රා­මික මහා­ධි­ක­රණ විනි­සුරු චම්පා රාජ­ර­ත්නම් මහ­ත්මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් පත්ක­රනු ලැබූ එම ත්‍රිපු­ද්ගල විනි­ශ්චය සභාව සෙසු සාමා­ජි­ක­යන් ලෙස පරි­පා­ලන සේවයේ ජ්‍යෙෂ්ඨ­තම නිල­ධා­රීන් වූ ඒ.එච්. ගමගේ සහ එස්.කේ.ලිය­නගේ කට­යුතු කරනු ලැබීය.

නිලන්ත ජය­ව­ර්ධන සම්බ­න්ධ­යෙන් විධි­මත් විනය පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වී­මට ජාතික පොලිස් කොමි­ෂන් සභාව තීර­ණය කරනු ලබන්නේ 2024 වසරේ මාර්තු 21 වැනිදා රැස්වී­මෙන් අන­තු­රු­වය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිත පාර්ශවයන් විසින් ගොනු කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ මුලික අයිතිවාසිකම් අයදුම්පත් අංක 163/2019, 165/2019, 166/2019, 184/2019. 188/2019, 191/2019, 193/2019, 195/2019, 196/2019, 197/2019, 198/2019, ໙໙ 293/2019 අයිතිවාසිකම් නඩුවලට අදාලව   ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023 ජනවාරි 12 වන දින ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දුව මඟින් එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන   සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලබාදී ඇති තීන්දුව ප්‍රකාරව මූලික විමර්ශනයක් සිදු කර, ජාතික පොලිස් කොමිෂන් සභාව NPC/EST/DISC/ASP/1/2023 අංකය ය‍ටතේ 2023 වසරේ නොවැබ්මර් මස 17 වැනි දා ඔහු වෙත චෝදනා පත්‍රයක් නිකුත් කළේය. පහත දැක්වෙන්නේ ඒ චෝදනා පත්‍රය ය.

එම චෝදනා පත්‍රය සම්බන්ධයෙන් ඔහු විසින් මාර්තු මස 12 දිනැතිව පිළිතුරු ඉදිරිපත් කළ  අතර 2024 මාර්තු මස 21 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේදී විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබිණි. ඊට අදා­ළව ත්‍රිපු­ද්ගල විනි­ශ්චය සභාව එම වසරේ ජූලි මාසයේ මුල පත්ක­රනු ලබන ජාතික පොලිස් කොමි­ෂන් සභාව රැස්වී නිලන්ත ජය­ව­ර්ධන මහ­තාගේ වැඩ තහ­නම් කිරී­මට ද 2024 වසරේ ජූලි 18 වැනිදා තීර­ණය කරනු ලැබීය. ඒ වන විට නිලන්ත ජයවර්ධන   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වශයෙන් රාජකාරී සිදු කරමින් සිටියේය. මේ දැක්වෙන්නේ වැඩ තහනම් කරමින් සිදුකළ නිවේදනය ය.

පාර්ලිමේන්තුවේ දී කියැවුන කතාව – අවස්ථා 07කදී ලිඛිතව දැනුම් දීලා

පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර එම ප්‍රහාරය සම්බන්ධව සියලුම තොරතුරු එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවී සෙනවිතරත්න, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, වෙත එවකට රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින්  අවස්ථා 07ක දී  ලිඛිතව දන්වා ඇතැයි 2023/12/07 දින පාර්ලිමේන්තුවේ දී   කියැවුනේය.

මෙම හෙළිදරව්ව සිදුවන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්දව මහජන අරාක්ෂාව පිළිබඳ ඇමතිවරයාගෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මහජන ආරක්ෂාව පිළිබඳ  ඇමතිවරයා වෙනුවෙන් එම පිලිතුර එවකට සභානායක සුසිල් ප්‍රේමජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කළේය.

රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් පහත නිලධාරින් වෙත අදාල බුද්ධි තොරතුර යොමුකර ඇති ආකාරය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් වුයේ මෙසේය.

  1. 2019. 04. 07 දින S1612/2019 ලපිය මගින්   2019.04.04 විදේශ බුද්ධි ආයතනයක් විසින්  ලබා දුන් තොරතුරු පිළිබඳව දැනගැනිම සහ උපදෙස් පතා ජාතික බුදධි ප්‍රධානි    සිසිර මෙන්ඩිස්  වෙත ලිඛිතව යොමු කර ඇත.
  2. 2019.04.04 දින විදේශ බුද්ධි ආයතනයෙන් ලද තොරතුරු විශ්ලේෂණය කර, ප්‍රහාරය පිළිබඳ එම තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසු, එම ප්‍රහාරය පිළිබඳ තොරතුරු   19.04.09 වැනි දින S1612/2019  දරන ලිපිය මගින්   පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න වෙත ලිඛිතව දැනුම්වත් කර ඇත.
  3. 2019/04/18 දින S1758/2019 දරන ලිපිය මගින් 19.04.16 වැනි දින තාලංකුඩා ප්‍රදේශයේ කරන ලද යතුරුපැදි පිපිරවීම   යම් කිසි පිපිරවීමකට පෙර සහරාන් ඇතුළු කණ්ඩායම කළ පුපුරුවා හැරීමක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ලිඛිතව දැනුම්වත් කර ඇත.
  4. 2019/04/19 දා S1758/2019 දරන ලිපිය මගින්  කාලංකුඩා යතුරුපැදිය පුපුරුවා හැරීම සම්බන්ධව වැඩිදුර වාර්තාව සහ සහරාන් ජාලය සමග සමීපව සම්බන්ධතා පවත්වන විදේශීය දුරකථන අංක සහිතව  වැඩිදුර වාර්තාවක් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සිරිවර්ධන වෙත  ලිඛිතව දැනුම්  දී ඇත.
  5. 2019/04/20 දින අංක S1958/19  දරන ලිපිය මගින් සහරාන් ගැවසෙන ප්‍රදේශ හා ඔවුනගේ ජාලය ගැන වැඩිදුර තොරතුරු පොලිස්පති  පූජිත් ජයසුන්දර වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න වෙත ලිඛිතව දැනුම්වත් කර ඇත.
  6. 2019/04.20 දින වට්ස් ඇප් ටෙක්ස්ට් පිණිවිඩ මගින් 2019.04. 21 දා හෝ ඊට පෙර ඕනෑම වෙලාවක දී ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ ක්‍රියාකාරීන්වන සහරාන් ඇතුළු කණ්ඩායමක් කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කරගනිමින් ඉස්ලාමය වෙනුවෙන් ස්වර්ගයට යෑම සඳහා කරන ප්‍රහාරයක් සඳහා සූදානමක් ඇති බවත් අත්හදා බැලීමක් 2019/04/16 දින   තාලංකුඩාවලදි සිදුකළ බවටත් ආරක්ෂ අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න   දැනුම්වත් කර ඇත
  7. 2019/04/21 දින වට්ස්ඇප් මගින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, දැනුම්වත් කර ඇත.

ත්‍රිප්‍රද්ගල විනිශ්ඡය සභා කමිටු වාර්තාව

සිදු­කළ ලද විධි­මත් විනය පරී­ක්ෂ­ණයේ වාර්තාව ත්‍රි පුද්ගල විනි­ශ්චය සභාව විසින් පසු­ගිය 04 වැනි දින ජාතික පොලිස් කොමි­ෂන් සභාව වෙත යොමු කර ති‍බේ. එම වාර්තාව සමඟ යොමු­කර තිබූ පැමි­ණිල්ල මෙහෙ­ය­වීමේ නිල­ධා­රිගේ වාර්තාව, රැක­ව­රණ නිල­ධා­රිගේ වාර්තාව සහ අදාළ සියලු ලේඛන ගැඹු­රින් අධ්‍ය­ය­නය කරන ලද ජාතික පොලිස් කොමි­ෂන් සභාව විසින්

  1. විධි­මත් විනය පරී­ක්ෂණ වාර්තාව අනුව චෝදනා පත්‍රයේ සඳ­හන් සියලු චෝදනා සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති (අනි­වාර්ය නිවාඩු ගන්වන ලද), නිලන්ත ජය­ව­ර්ධන මහතා වර­ද­කරු බවත්,
  2. ඉහත චෝදනා ආය­තන සංග්‍ර­හයේ ii වන කාණ්ඩයේ සඳ­හන් රාජ්‍ය නිල­ධ­ර­යන් විසින් සිදු කළ හැකි වර­ද­වල් සම්බ­න්ධව පළ­මු­වන උප­ලේ­ඛ­නය යට­තට ගැනෙන වැරදි බවත් නිරී­ක්ෂ­ණය කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය එල්ල වීමට පෙර ඒ සම්බ­න්ධ­යෙන් ඉන්දීය බුද්ධි අංශ­යක් විසින් අවස්ථා කිහි­ප­ය­ක­දීම ඒ ගැන දැනුම් දී   රාජ්‍ය බුද්ධි සේව­ය­ට බවත් ඒ සම්බන්ධව අවස්ථා 07ක දී පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති බව කියැවින. එහෙත් ඒ බුද්ධි වාර්තාව සම්බ­න්ධ­යෙන් ඇති බර­ප­තළ තත්ත්වය පැහැ­දිලි කර දෙමින් එම ප්‍රහා­රය වළක්වා ගැනී­මට සහ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීම අවශ්‍ය දැනු­ම්වත් කිරී­මක් ඉහළ බල­ධා­රීන්ට ලබා­දෙ­මින් සිය වග­කීම නිසි ලෙස ඉටු­නො­කර ඇති බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැ­ත්වී­මට පත්කළ කොමි­ෂන් සභාව මෙන්ම විනය පරී­ක්ෂණ මණ්ඩ­ලයේ ද අද­හස වූයේය.

මෙම කරුණු සැල­කි­ල්ලට ගෙන නිලන්ත ජය­ව­ර්ධන  චෝදනා පත්‍රයේ සඳ­හන් සියලු චෝදනා සඳහා වැර­දි­කරු බව පසු­ගිය 17 වැනි දින රැස්වූ ජාතික පොලිස් කොමි­ෂන් සභාව විසින් තීර­ණය  කළේය.

ඒ අනුව ඔහු විසින් කරන ලද වරදේ තීව්‍ර­තාව සැල­කි­ල්ලට ගෙන ආය­තන සංග්‍ර­හයේ ii කාණ්ඩයේ XLVIII වැනි පරි­ච්ඡේ­දයේ 24:3:1 වග­න්තිය පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නිලන්ත ජය­ව­ර්ධන   වහාම ක්‍රියා­ත්මක වන පරිදි සේව­යෙන් පහ­කි­රී­මට ජාතික පොලිස් කොමි­ෂන් සභා සැසි­වා­රයේ දී තීර­ණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දෙමටගොඩ රුවන් මරන්න ඩුබායි රටේ සැඟවී සිටින ලලිත් කන්නංගර එවූ කුලී ඝාතකයින් ගිනි අවියත් අත්හැර පලා ගිය හැටි…

Next Post

කැරම්බෝඩ් ප්‍රසම්පාදන සිද්ධියේ තවත් නඩුවකට අදාලව මහින්දානන්දට සහ නලීන් ප්‍රනාන්දුට අධි චෝදනා භාර දෙයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.