පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්, අග්‍රවිනිශ්චයකාර වරයාත් සාකච්ඡා කර විසදාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (28) දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධනට සහ අග විනිසුරු ජයන්ත ජයසුරියට ඊයේ පෙරවරුවේ වෙන වෙනම දුරකථනයෙන් කථා කරමින් මේ බව දැනුම් දී තිබේ.
වාර්තාවන පරිදි මෙම දැනුම්දීමට ජනාධිපතිවරයා පෙළඹී ඇත්තේ පොලිස්පතිවරයාගේ ප්රශ්නය මේ ආකාරයට නීතියටත් අභියෝග කරගෙන පවත්වාගෙන යෑම තුළින් ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයට බලවත් පහරක් එල්ලවනු ඇතැයි විද්වත් පාර්ශව ගණනාවක් සහේතුකව ඔහු වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙහිදී කථානායකවරයාට සහ අගවිනිසුරුවරයාට අවධාරණයෙන් දන්වා ඇත්තේ පොලිස්පතිවරයා ගේ ගැටලුව කෙබඳු ආකාරයට පැවතුනත්, සැප්තැම්බර් 21 දිනට නියම කර ඇති ජනාධිපතිවරණයට කිසිදු බාධාවක් ඇති නොවී එය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය සෑම සහායක්ම ලබාදීමට කටයුතු කරන බව යැයි වාර්තා වේ.







