පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම වේ…

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ ගම්හප මල්වතු හිරිපිටිය පොලිසීය…

අයුතු ලෙස වත්තකට ඇතුළු වී  රුපියල්  120ක් වටිනා පොල් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට   මල්වතු හිරිපිටිය පොලිසිය විසින් අත්අඩංගුව ගත් පුද්ගලයෙක්   අද (19) ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔහුව මුදා හරින්නට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න නියෝග කළේය.

වාර්තා වන සිද්ධිය මෙසේය.


ගම්පහ හිරිපිටිය නීලම්මහර ප්‍රදේශයේ පදංචි කරුවෙක් වත්තකට ඇතුළු වී වැටී ඇති පොල් ගෙඩියක් රැගෙන  යන්නට උත්සාහ කරද්දී ගමනක් ගොස් පැමිණෙමින් සිටි   ඉඩම් හිමියාට  හසු වී තිබේ.

ඉඩම් හිමියා මෙම පුද්ගලයාව අල්ලාගෙන මල්වතු හිරිපිටිය පොලිසියට බාර දී ඇත. පොලිසිය විසින් පුද්ගලයා අත්අඩංගුවට ගෙන අද උදේ ගම්හප අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මෙම පුද්ගලයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කර නැවත මාර්තු 18 දා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කළේය.

Exit mobile version