බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පොම්පියෝ තකහනියේ ආවේ ඇයි?”

අනුර කුමාර හෙළි කරයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමෙරිකානු රාජ්රා‍ය ලේකම්වරයාගේ ශ්‍රි ලංකා සංචාරයේ සැබෑ අරමුණ අරමුණ ඉන්දියානු සාගරයේ යුද ආධිපත්‍යයේ කොටස්කරුවෙකු සහ ඊට සහයෝගය දක්වන්නෙකු බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීම බවත් ශ්‍රි ලංකාව කිසිදු ජාත්‍යන්තර යුද සංවිධානයක පංගුකරුවෙකු හෝ කොටස්කරුවෙකු බවට පත් නොකළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණු නායකයා පැවසූයේ එක්සත් ජනපදය, ඉන්දියාව. ජපානය, ඕස්ට්‍රේලියාව එකතුවී එළඹෙන මැද භාගයේදී ඉන්දීය සාගර කලාපයේ නාවික යුද අභ්‍යාසයක් පැවැත්වීමට සූදානම් කර තිබෙන බවත් එය චීනය ඉලක්ක කරගෙන තිබෙන බව පැහැදිළි බවය.
එහිදී තවදුරටත් අදහසක් දැක්වූ අනුර කුමාර දිසානායකබ මහතා මෙසේද පැවසීය.
“ඊයේ රාත්‍රීයේ මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු 36 දෙනෙකුගේ කණ්ඩායම ජනාධිපතිවරයා සහ විදේශ ඇමතිවරයා සමග සාකච්ඡා පවත්වා අවසන් වී තිබෙනවා. රාජ්‍ය ලේකම්වරයා පැමිණීමට පෙර විශාල කණ්ඩායමක් මෙරටට පැමිණි බව මතක් කරන්න ඕනෑ. ලෝකයේ බොහෝ රටවල් සමග ද්වීපාර්ශ්වික හෝ බහු පාර්ශ්වික සබඳතාවයන් පැවැත්වීම සහ ගිවිසුම්වලට එළඹීම සාමාන්‍ය තත්ත්වයක්. එහෙත් මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම්වරයා ලංකාවට පැමිණීමට පෙර දකුණු හා මධ්‍යම ආසියානු කලාපයේ සහකාර කටයුතු භාර නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඩීන් තොම්සන් හා නැගෙනහිර ආසියානු පැසිෆික් කලාපය භාර සහකාර ලේකම් ඬේවිඞ් ස්ටිල් වෙල් විසින් මාධ්‍ය සාකච්ඡාවකදී මයික් පොම්පියෝ ලංකාවට පැමිණීමේ අරමුණු පැහැදිලි කළා.

ඒඅරමුණු අතර ඔවුන් ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කළේ ලංකාව ඉදිරියේදී තමන් යන්නේ කවුරුන් සමගද කියන දුෂ්කර තීන්දුව ගන්න ඕනෑ කියලා. මෙම කරුණ මයික් පොම්පියෝ විසින් ඉන්දියාවේදී නැවත අවධාරණය කර තිබෙනවා. ඒ නිසා මේ කණ්ඩායම පැමිණෙන්නේම බලහත්කාරී අධිපතිවාදී හැසිරීමක් සහිතව. එක්සත් ජනපදය ලෝකය පුරා තමන්ගේ යුද, ආර්ථික සහ දේශපාලන ආධිපත්‍යය පැතිරීම වෙනුවෙන් විවිධ බලහත්කාරී ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. සමහර ඒව කුමන්ත්‍රණ, සමහර ඒවා යුද්ධ, සමහර ඒවා ගැටුම් වශයෙන් ලෝකය පුරා පතුරුවමින් තිබෙනවා. ශ්‍රී ලංකාව ආර්ථික සහ යුදමය ගිවිසුම් කිහිපයකට පසුගිය කාලයේ එළඹී තිබෙනවා. 2007 වසරේදී එවකට ශ්‍රී ලංකාවේ සිටි ඇමරිකානු තානාපති රොබටෝ බ්ලේක් හා එවකට ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්‍ෂ අතර ඇක්සා නම් ආරක්‍ෂක ගිවිසුම අත්සන් කළා. ඕනෑම මොහොතක ඇමරිකන් එක්සත් ජනපදයේ හමුදාවන්ට ලංකාවේ ගොඩබිම, ගුවන හා මුහුද පාවිච්චි කරන්න ඉඩකඩ ලබාදෙන බව එයින් එකඟතාවයකට ආවා. ඒ ගිවිසුම අනුව ජලය, ආහාර, ඉන්ධන ඇතුළු යටිතල පහසුකම් ලංකාවෙන් ලබාදෙන්න එකඟතාවයකට ආවා. ඇමරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාව තුළින් සන්නිවේදන පහසුකම් ලබාදීමටත් එකඟ වුණා. මේ අනුව එක්සත් ජනපද යුද සැලසුමේ කොටස්කරුවෙකු බවට ලංකාව ඒ ගිවිසුමෙන් පත්වුණා.

මේ ගිවිසුම ඒ කාලයේ හැඳින්වූයේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් වෙනුවට ඇමරිකානුවන් සහ ඇමරිකානුවන් අතර ගිවිසුමක් හැටියට. ඒ වනවිට මෙරට ආරක්‍ෂක ලේකම්වරයාත් ඇමරිකන් පුරවැසියෙකු වූ නිසා. ඇමරිකානු එක්සත් ජනපද යුද වුවමනාවන්ට අපේ රට යටත් කිරීම ඇක්සා ගිවිසුම අත්සන් කළේ මේ විදිහට. අවුරුදු 10 ක වලංගු කාලයකින් පසුව 2017 කල් ඉකුත්වීමට නියමිත වුණා. එවකට සිටි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කාල නියමකින් තොරව මේ ගිවිසුම දීර්ඝ කළා. ගෝඨාභය රාජපක්‍ෂ අත්සන් කරනු ලැබූ රනිල් වික්‍රමසිංහ විසින් දීර්ඝ කරනු ලැබූ ඇක්සා ගිවිසුම මගින් අපේ රට එක්සත් ජනපදයේ හමුදාවන්ට සියලුම ආකාරයෙන් බැඳී සිටිනවා.

ඊට පෙර 1995 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියගේ රජය සෝෆා ගිවිසුම අත්සන් කළා. එහි දෙවැනි අදියරේ ගිවිසුම අත්සන් කිරීමට 2016දී සාකච්ඡා ආරම්භ කළා. එ දීර්ඝ කිරීමේ අරමුණ වෙනුවෙන්. ඇක්සා ගිවිසුම මගින් ලංකාවට එන එක්සත් ජනපද හමුදාවන්ට රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද ලබාදීමට යෝජනා කෙරුණා. ඔවුන් අපේ රටේ නීතියට, අධිකරණයට යටත් නොවන රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ලබාදීමේ සාකච්ඡා දැන් දෙවැනි අදියරේ පවතිනවා. ආර්ථික වශයෙන් අපේ රටේ සුජාත පුරවැසියන් අතේ තිබෙන ඉඩම් බහුජාතික සමාගම් සඳහා ලබාදීමට ඉඩම් පනත් 07ක් සංශෝධනය කිරීමට සූදානමින් සිටිනවා. ආණ්ඩුවේ පොදු යාන්ත්‍රණයෙන් පිට ඒ සඳහා යාන්ත්‍රණයක් ගොඩනැගීමට සහ මහ බැංකුව හරහා නොවන විදේශීය මුදල් ලැබීම් පාවිච්චි කිරීමට අයිතිය ලබා දෙන එම්.සී.සී. ගිවිසුම පිළිබඳ සාකච්ඡා පවතිනවා. මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම්වරයා පැමිණෙන්නේ මේ පසුබිම තුළයි. එම්.සී.සී. සඳහා මුදල් ලබාගෙන ඇමරිකානු සහශ්‍ර අරමුදලේ සභාපතිවරයා බවට නිල වශයෙන් පත්වී සිටින්නේ රාජ්‍ය ලේකම් පොම්පියෝ. ඒ අනුව මේ පැමිණ සිටින්නේ එම්.සී.සී, සම්බන්ධව කටයුතු කරන අරමුදලේ සභාපතිවරයායි.
මේ සංචාරය පිළිබඳව ඉන්දියානු මාධ්‍ය මගින් කරුණු හෙළිදරව් වෙමින් තිබෙනවා. ඒ අනුව මේ ගිවිසුම්වලින් ඔබ්බට යන වුවමනාවක් එක්සත් ජනපදයට තිබෙනවා. එක්සත් ජනපදය, ඉන්දියාව. ජපානය, ඕස්ටේ්‍රලියාව එකතුවී එළඹෙන මැද භාගයේදී ඉන්දීය සාගර කලාපයේ නාවික යුද අභ්‍යාසයක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඉන්දියානු සාගර කලාපයේ යුද ආධිපත්‍යය පිළිබඳ සැලැස්මක් චීනය ඉලක්ක කරගෙන තිබෙනවා. මයික් පොම්පියොගේ පැමිණීමේ ගමන ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව ඉලක්ක කර තිබෙන්නේත් මේ වනවිටත් ඉන්දියාව සමඟ අලුත්ම යුදමය ගිවිසුමට අත්සන් කර තිබෙන්නේත් ඉන්දියානු සාගර කලාපයේ යුද ආධිපත්‍යය මූලික කරගෙනයි. ඉන්දියන් සාගරයේ යුද ආධිපත්‍යය සඳහා මේ වනවිටත් ඇමරිකාව, ජපානය, ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව යන රටවල යුදමය සංවිධානයක් පිහිටුවාගෙන තිබෙනවා.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ලංකාව ද්වීපාර්ශ්වික හෝ බහු පාර්ශ්වික සබඳතා පවත්වා තිබුණත් ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වය ගෙන ක්‍රියාකර තිබුණත් ද්වීපාර්ශ්වික සහ බහු පාර්ශ්වික ගිවිසුම් අත්සන් කර තිබුණත් ශ්‍රී ලංකාව කවදාවත් ජාත්‍යන්තර යුද සංවිධානයක් සමග ගිවිසුම් අත්සන් කර හෝ යුද සංවිධානයකට සහයෝගය පළකර නැහැ. රාජ්‍ය ලේකම්වරයාගේ මෙම ගමනේ අරමුණ ඉන්දියානු සාගරයේ යුද ආධිපත්‍යයේ කොටස්කරුවෙකු බවට, ඊට සහයෝගය දක්වන්නෙකු බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමේ සැලැස්මක් ක්‍රියාවට නැගීමට මුල පිරීමයි. අපි ආණ්ඩුවට අනතුරු අඟවන්නේ කිසිදු ජාත්‍යන්තර යුද සංවිධානයක පංගුකරුවෙකු හෝ කොටස්කරුවෙකු බවට ශ්‍රී ලංකාව පත් නොකළ යුතු බවටයි. ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හෝ විදේශ අමාත්‍යවරයාගේ සාකච්ඡාවලදී එක්සත් ජනපදයේ ජාත්‍යන්තර යුද මෙහෙයුමේ කොටස්කරුවන් බවට පත්වීමට ඉඩ නොදිය යුතු බව අපගේ ස්ථාවරයයි.

පොම්පියෝ පැමිණීමට පෙර ඩීල් තොම්සන් සහ ඬේවිඞ් ස්ටීල්වෙල් ප්‍රකාශ කර තිබූ පරිදි එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ යෝජනාවලිය අනුව ඉදිරියේදී අප ගමන් කරන්නේ කවුරුන් සමගද යන්න තීරණය කළ යුතු බවට කර තිබෙන බලපෑම ගැන රටට එළිදරව් කළ යුතුයි. මෙය මැදමුලන පොල් වත්ත පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි. නාමල් රාජපක්‍ෂ කියලා තිබුණ ආගන්තුක සත්කාර දක්වමින් තේ එකක් බීලා පිළිගන්නව වගේ දෙයක් නෙවෙයි. ජී.එල්.පීරිස් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබූ පරිදි රාජ්‍යතාන්ත්‍රිකයන් එනවා යනවා වගේ අලුත් දේවල් නොවන බවට කර තිබූ ප්‍රකාශය වගේම බැසිල් රාජපක්‍ෂගේ සමීපතමයන් කියා තිබුණේ එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් වගේ ප්‍රබල නායකයෙක් ලංකාවට පැමිණීම ජයග්‍රහණයක් බවයි. ඔහු මේ නැදෑ ගමනක් පැමිණීමක් නොවේ. ඉතා පැහැදිලිව ඉන්දියානු සාගරයේ යුද ආධිපත්‍යය තහවුරු කරගන්න ඉන්දියාව, ලංකාව, මාල දිවයින සහ ඉන්දුනීසියාව තෝරා ගෙන තිබෙනවා. ජාත්‍යන්තර යුද සැලසුමේ පංගුකරුවෙකු බවට ශ්‍රී ලංකාව පත් නොකළ යුතුයි.

ඒ වගේම සෝෆා ගිවිසුම පිළිබඳ තිබූ සාකච්ඡාව මේ චාරිකාවේදී කොතෙක්දුරට ඉස්සරහට ගන්නවද කියල අපි දන්නේ නැහැ. ඒ සියල්ලම අභිබවා ඉන්දියානු සාගරයේ යුද බලය වෙනුවෙන් ලංකාව හවුල් කර ගැනීමේ වුවමනාව ඉදිරියට පැමිණ තිබෙනවා. හැබැයි මේ ආණ්ඩුව ගොඩනැගුවේ දේශප්‍රේමීත්වය තවරාගෙන. මෙයට පෙර එම්.සී.සී. ගිවිසුම පිළිබඳ මොවුන් ප්‍රකාශ කළේ එක්සත් ජනපදයේ ආධිපත්‍යය පතුරුවන්න එන බවට ඊට එරෙහිව සිංහනාද පැතිරවීමයි. ජනතාව කල්පනා කළා, ඔවුන් සැබෑ දේශප්‍රේමීන් බව. ඒ සිංහනාද පැවැත්වූ අය අද වෙනකොට හීන් කෙඳිරියක්වත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අපි හැමදාමත් පෙනී හිටියේ මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන්. හැබැයි අපි ලෝකයේ රටවල් සමග එකට යා යුත්තේ අපේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය ආරක්‍ෂා කර ගනිමින්. හැබැයි 70 වසරක් පුරා මේ පාලකයන් සිදුකර තිබෙන්නේ ආර්ථිකමය වශයෙන් මේ රට දුබල කර ටි්‍රලියන 14ක විශාල ණය උගුලක රට හිරකර එම ණය ප්‍රමාණයෙන් 48%ක් විදේශීය වශයෙන් ලබාගෙන බරපතළ තත්වයකට පත්කිරීමයි. මේ නිසා ලබන වර්ෂයේදි ඩොලර් කෝටි 600ක මුදලක් ණය වශයෙන් ගෙවිය යුතුව තිබෙනවා. අපේ අපනයන ආදායම ආනයන වියදමෙන් අඩක්වත් සපුරාගන්න අසමත්වී තිබෙනවා. එවැනි ආර්ථිකයක් හමුවේ බලගතු රාජ්‍යයන් විසින් රටේ ස්වාධීනත්වය ස්වෛරීත්වය පා පන්දුවක් බවට පත්කරගෙන තිබෙනවා.

චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය ඒ පාපන්දුවට ප්‍රහාර එල්ල කරනවා. ලෝක බලවතුන් හමුවේ ශ්‍රී ලංකාව අසරණභාවයට පත්කර තිබෙනවා. චීනය පසුගිය කාලයේ ආර්ථිකමය මැදිහත්වීම වගේම දේශපාලන හැරවුම් ලක්‍ෂවලදී මුදල් වැය කර තිබෙනවා. 2015දී සහ ඊට පෙර මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ ජනාධිපතිවරණ සඳහා මුදල් වියදම් කළ බව ලෝකයේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අපි චෙක්පත් අංක සහිතව ඒ ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. බැසිල් රාජපක්‍ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්‍ෂගේ පදනමට චීන සමාගම් මුදල් යෙදූ බව චෙක්පත් අංක සහිතව අපි ඉදිරිපත් කළා. අපේ දේශපාලන අධිකාරිය කොමිස් කප්පම්වලට අත්පත්කරගෙන තිබෙනවා. ඒ මගින් රටට කිසිදු ප්‍රතිඵලදායක නැති විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් සඳහා ණය ගනිමින් උගුලක හිරකරනු ලැබුවා. චීන රජය පාලකයන්ට දොළ පිදේනි ලබාදෙමින් විවිධ අසාර්ථක ව්‍යාපෘති ලබාදී තිබෙනවා. මේ විදිහට ලෝක බලවතුන්ගේ ක්‍රීඩා පිටියක් බවට ශ්‍රී ලංකාව පත්කර තිබෙනවා.

ඒ නිසා මව්බිමට සැබෑ ලෙසම ප්‍රේම කරන ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ, අවුරුදු 70ක් රට පාලනය කළ මේ දෙපිරිස විසින් ක්‍රමානුකූලව මේ රට ලෝක බලවතුන් හමුවේ හිර කිරීමට එරෙහිව පෙරට එන්න කියලයි. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඊට නායකත්වය දී තිබෙනවා. ආණ්ඩුව වහාම ගෝඨාභය රාජපක්‍ෂ සහ මයික් පොම්පියෝ අතර සිදුකළ සාකච්ඡාවලදී එළඹුණු එකඟතාවයන් පිළිබඳ රටට හෙළිදරව් කළ යුතුයි.

විදේශ අමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ඡාවලදී එළඹුණු එකඟතාවයන් සහ බැහැර කළ යෝජනා පිළිබඳව ප්‍රකාශ කළ යුතුයි. මේ සාකච්ඡා සිදුවෙමින් තිබෙන්නේ අපේ මාතෘභූමියේ අනාගතය පිළිබඳව නිසා මේ රටේ සෑම පුරවැසියෙකුටම මේ තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. එසේ නැතිව ජනතාවගේ ඇස් වසා මෙරට ජාත්‍යන්තර යුද උගුලකට හසු කිරීමේ කිසිදු ගිවිසුමකට ඉඩ නොදිය යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝහලෙන් පැන බොන්න ආපු කොටගල ආසාදිතයෙක් නිසා බාර් සේවකයන් නිරෝධායනයේ…

Next Post

තවත් ආසාදිතයන් 211ක්… දෙවන රැල්ලේ මුළු ආසාදිතයන් ගණන 5607යි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.