බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොදු පෙරමුණ ඔබට සහය දෙනවා කියලා තවම තීරණය කර නෑ…. සාගර ජනපතිට කියලා!

by editor
පෙබරවාරි 3, 2024
in පුවත්
Ranil-Sagara
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු නිශ්චිත අපේක්ෂකයෙකුට සහය දැක්වීම පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවත්  තම පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ වෙත  සහය දැක්වීමටනම් ඊට පෙර ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය ඇති බවත් පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින්  ඩේලි මිරර් වාර්තා කරයි.

පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් මේ බව ජනාධිපතිවරයා වෙත දන්වා ඇත්තේ  ජනාධිපතිවරයා     සමඟ පසුගියදා පැවති සාකච්ඡාවකදී ය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර  සාකච්ඡාවක්    ජනාධිපති නිල නිවසේ දී සැලසුම් කර තිබී ඇත. එහෙත් එක්වරම  එම සාකච්ඡාව    ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ස්ථානය වෙනස් කිරීමක් කර තිබිණි.  ඊට අමතරව ජනාධිපතිවරයා එම රැස්වීමට වෙනත් පක්ෂ සඳහාද කැඳවීම් කර තිබී ඇත.  පොදුජන පෙරමුණ හා සංවිධානය කළ රැස්වීම  පෙර දැනුම්දීමකින් තොරව     සර්ව පාක්ෂික රැස්වීමක් බවට පත් කර තිබිණි.  මුලදී ජනාධිපතිවරයාගේ නිවසට ආරාධනා කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැස්වීමට සහභාගි වූයේ එය පක්ෂය සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් වනු ඇතැයි යන හැඟීමෙනි. මේ තත්ත්වය පොදුජන පෙරමුණේ දැඩි අප්‍රසාදයට හේතු වූයේය.   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ඊට එළිපිට විරෝධය පළ කළේය.

රැස්වීම ආරම්භයේදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ක්‍රමවේදයන් පිළිබඳ ඉදිරි දර්ශන සාකච්ඡා  කිරීමට ඇති කැමැත්ත පිළිබඳ සිය අභිප්‍රාය ප්‍රකාශ කර ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සහ නිමල් ලාන්සා කණ්ඩායමේ  පිිරිස්  ඇතුළු අනෙකුත් පක්ෂ නියෝජිතයන් මේ අවස්ථාවට  පැමිණ සිටීමත් සමඟ හමුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

මෙහිදි තමන් සහ ජනාධිපතිවරයා අතර ඇතිවනු ඇතැයි අපේක්ෂා කළ සාකච්ඡාවට  අනපේක්ෂිත ලෙස අනෙකුත් පක්ෂ නියෝජිතයින් ඇතුළත් වීම ගැන පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සිය  කලකිරීම ප්‍රකාශ කරමින්  ජනාධිපතිවරණ කටයුතු හදිසියේ සාකච්ඡා කිරීමට තම පක්ෂය සූදානම් නැති බව අවධාරණය කළේය.

ඕනෑම මැතිවරණ සාකච්ඡාවකට පෙර විසඳිය යුතු නිශ්චිත කරුණු ඇති බවත් ඔහු ජනාධිපතිවරයාට අවධාරනය කළේය.

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  තර්ක කළේ කාලය නොමැතිකම හේතුවෙන් වෙනම රැස්වීම් පැවැත්විය නොහැකි බවය. .ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය (SJB) සහ ජාතික ජන බලය වැනි විරුද්ධ පක්ෂවල ක්‍රියාකාරී මැදිහත්වීම ඔහු උදාහරණ ලෙස උපුටා දැක්වීය.

ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනෙකුත් පක්ෂවලට වඩා වෙනස් ලෙස ක්‍රියාකරන බව අවධාරණය කළ කාරියවසම් ජනාධිපතිවරයා සමඟ වෙනම හමුවක් අවශ්‍ය බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු නිශ්චිත අපේක්ෂකයෙකුට සහය දැක්වීම පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව ඔහු පැහැදිලි කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ණය බරින් බේරෙන්න ලක්ෂ 20කට බෙලිඅත්තේ දී  මිනිස්සු 05ක් මැරූ මුද්දරගම කුලී ඝාතකයා ගේ කතාව!

Next Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධයට හිටපු සෞඛ්‍ය ඇමති චුදිතයෙක් වෙන්නේ කොහොමද?

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.