පේරාදෙණිය රෝහලේ ප්‍රශ්නයට ඉන්දීය විදේශ ඇමතිටත් දුක හිතෙයි !

පේරාදෙණිය රෝහලේ අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ සහ ඖෂධ නොමැතිවීම සම්බන්ධයෙන් පළ වූ ප්‍රචාරයන් දැකීමෙන් තමන්ද කනගාටුවට පත් වූ බව මේ වවිට ශ්‍රි ලංකාවේ සංචාරයක යෙදෙන ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජේ ජයශංකර් පවසයි.

මේ සම්බන්ධයෙන් ඉන්දියාවට ලබා දිය හැකි සහය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරවන ලෙස තමන් කොළඹ ශ්‍රි ලංකා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ  වෙත දැන්වූ බවද ඔහු සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් තබමින් සඳහන් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාල දිවයිනේ සංචාරයකින් අනතුරුව කොළඹ පැවැත්වෙන බිම්ස්ටෙක් ජාත්‍යන්තර සමුළුවට සහභාගීවීම සඳහා මේ වනවිට දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍යවරයා පසුගියදා ජනාධිපතිවරයා ද හමුවූ අතර රටේ පවතනි ඉන්ධන අර්බුදයේ අත්දැකීම් ලබා ගැනීමට ඔහු කොළඹ පිහිටි ලංකා අයි.ඕ.සී සමාගමට අයත් ඉන්ධන හළක නිරීක්ෂණ චාරිකාවකටද එක් විය.


Exit mobile version