පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ නැවත කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකළ මෘතදේහ එක්රැස් වෙමින් පවතින බව වාර්තා වේ.
ඉකුත් අප්‍රේල් විසිනව වැනි දින සිට මේවන තුරු මෘත දේහ දහයකට ආසන්න සංඛ්‍යාවක් මෘත ශරිරාගාර වෙත යොමුව තිබු බවද එම දේහයන් දිනකට දෙක බැගින් ආදාහනය කළ බවද පේරාදෙණිය රෝහල් ආරංචි මාර්ග කියයි.
අද වන විට තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ හතරක් මෘත ශරිරාගාරයේ තබා ඇති බවත් මහයියාව ආදාහනාගාරයේ කාලවේලාවක් වෙන්කරවා ගැනීමේ අපහසුතාවය මත දේහයන් දෙකක් පමණක් ආදාහනය කිරීමට ඉඩ හිමිවන බවත් ඒ වාර්තා පෙන්වා දෙයි.
මෙම තත්ත්වය දිගින් දිගටම පැවතිය ජීවත්ව සිටින පිරිස් අවදානමකට ලක්වන බව එම ආරංචි මාර්ග කියයි. .