<h4><strong>පෙරහර වීදී සංචාරය කරන සෑම දිනකම පස්වරු 2.00 න් පසු පොදු ප්‍රවාහන සේවා හැර සෙසු බර වාහනවලට නගරයට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බවත් එම වාහනවලට විකල්ප මාර්ග භාවිත කිරීමට අවකාශ සලසා දී තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක ප්‍රකාශ කළේය.</strong></h4> <h4> පොදු ප්‍රවාහන සේවා හා පෞද්ගලික වාහනවලට පස්වරු 5.00 වන තෙක් නගරයට ඇතුළු වීමට හැකි බවත් පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව නිසා මාර්ග තදබදයක් ඇතිවීමට වැඩි ඉඩක් තිබෙන නිසා රියදුරන් හැකි සෑම අවස්ථාවකම නගරය මග හැර යන්නේ නම් එය පහසුවක් වනු ඇති බවත් ඒ මහතා කීවේය.</h4> <h4> පෙරහර සමයේ අපරාධකරුවන් මහනුවර ගැවසෙන්නේ ද යන්න පෙරහර ආරම්භ වීමට මාස දෙකක පමණ කාලයක සිට පොලිස් ස්ථාන මට්ටමින් පුද්ගල තොරතුරු එක්රැස් කළ බව ද රත්නායක මහතා කීය. පොලිස් අපරාධ කොට්ඨාසයට වාර්තා වී ඇති අපරාධකරුවන්හඳුනා ගැනීම සදහා සී .සී.ටී.වී කැමරා සවි කළ වාහන නිලධාරීන් සමඟ නගරය තුළ ධාවනයේ යොදවා තිබෙන බවත් මෙයට අමතරව සිවිල් ඇදුමින් බුද්ධි අංශ නිලධාරීන් ද සේවයට එක්කර තිබෙන බවත් හෙතෙම පැවසුවේය.</h4>