මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන අද (21) දින සිට සිට ලබන 31 වැනිදා බ්‍රහස්පතින්දා දක්වා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් පොලිිසිය විසින් සැලසුම් කර ඇත.
ඒ සඳහා පොලිස් නිලධාරීන් 5500කට අධික ප්‍රමාණයක් විශේෂ රාජකාරියක යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
පෙරහර පවතින කාලසීමාව තුළ මහනුවර දිස්ත්‍රික්කයට ඇතුළත්වන ප්‍රවේශ මාර්ග 11ක් මාර්ග බාධක යොදා ආරක්ෂක රාජකාරියේ යෙදවීම, පෙරහර මාර්ගයට ඇතුළවන සියළුම පිරිස් පරීක්ෂාවට ලක් කිරීම, පොලිස් සංචාරක කොට්ඨාසයේ නිලධාරීන් යොදවා සංචාරකයින්ට මග පෙන්විම ඇතුළු විශේෂ ආරක්ෂක ක්‍රියාවලියක් මෙම වැඩපිළිවෙළට ඇතුළත්ය.
පෙහරහ කාලසීමාව තුළ රථවාහන සැලැස්මක් සහ දෛනික රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
එම සැලැස්ම ක්‍රියාත්මකවන ආකාරය පහත දිගුවෙන් බලා ගත හැකිය.