පෙට්‍රල්, ඩීසල් මිල අද සිට ඉහළට ! ඉන්ධනහල්  සියයට 70කට වඩා තෙල් නැතිව වැසෙයි ! 

පෙට්‍රල් සහ ඩීසල් මිල අද අලුයම 2 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ලංකා ණිජජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇති අතර ඊට සාපේක්ෂව ලංකා අයි.ඕ.සී සමාගමද මිල වැඩි කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙටුල් ලීටරයක් රුපියල් 50කින් රුපියල් 470ක්  දක්වාද ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් සියයකින් රුපියල් 550 දක්වාද වැඩි කොට ඇත. ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් රුපියල් 460ක් වන අතර එය රුපියල් 60ක වැඩි වීමකි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහහළ දමා ඇති අතර එය රුපියල් 520ක් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ඉන්ධන පිරවුම්හල් හිමියන්  පවසන්නේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මේ වනවිට රට පුරා පවතින ඉන්ධනහල්වලින් සියයට 70ක් පමණ වසා දැමීමට සිදුව ඇති වය. බලශක්ති අමාත්‍යවරයා ද ඉන්ධන සැපයීමේ අපහසුතාව පිළිබඳව දැනුම් දී ඇති අතර රටේ සියලුම කටයුතු ඉදිරි දින කිහිපය තුළ අකර්මණ්‍ය වීමේ අවදානමක් මතුව තිබේ.

Exit mobile version