බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පූජිත ජයසුන්දරගේ “සරල බව“ පාස්කු ඉරිදා විනාශයට පාර කැපූ හැටි

රාජ්‍ය බුද්ධි සේවයේ අනතුරු ඇඟවීමත් අඩුපාඩු සහිතයි - හිටපු බුද්ධි ලොක්කා කොමිසමේදී පහදයි

by Lanka Sara Editor
ජූනි 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් එවන ලද පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ ලිපිය සම්බන්ධයෙන් එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර ක්‍රියාකර ඇත්තේ සරල අපරාධයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරයෙන් යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද (29) ප්‍රකාශ කළේය.

2003 සිට 2011 වසර තෙක් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි නියෝජ්‍ය පොලිස්පති ගජනායක මහතා ඊට පෙර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙසද සේවය කළේය. කෙසේ වුවද රාජ්‍ය බුද්ධී සේවය විසින් නිකුත් කරන ලද පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරුවල පැවැති අඩුපාඩු පිළිබඳව ද පෙන්වා දුන් හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා , රාජ්‍ය බුද්ධි සේවය සතුව පැවැති තොරතුරු සියල්ල පැහැදිළිව එම අනතුරු ඇගයීමෙන් ඉදිරිපත් කළේ නම් මීට වඩා අවධානයක් මේ සම්බන්ධයෙන් යොමුවී ඇතැම් විට පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පවා ඉඩකඩ තිබුණු බව ද පෙන්වා දුන්නේය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ බිම් මහලේ රූබි ශාලාවේ ස්ථාපිත කර ඇති පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව ඊයේ රැස්වූයේ එහි සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ, බන්දුල අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මිය කොමිසමේ සෙසු සාමාජිකයන්ය. කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරන්නේ බුවනෙක හේරත් මහතාය.

උතුර නැගෙනහිර ත්‍රස්තවාදය පවතින කාලයේ සහ කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කරන කාලවකවානුවේදී රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු සාක්ෂි විභාගයේදී රාජ්‍ය බුද්ධි සේවය සතු කාර්ය භාරය සහ තම අත්දැකීම් පිළිබඳවද දීර්ඝ විස්තරයක් කළේය. මෙම කරුණු සම්පිණ්ඩය කරමින් පසුගිය වසරේ අප්‍රියෙල් 21වැනිදා රාජ්‍ය බුද්ධි සේවය විසින් පාස්කු ප්‍රහාරයට පෙරාතුව සිදු කරන ලද පූර්ව අනතුරු ඇගයීම් සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳව සාක්ෂි දුන්නේ මෙසේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම අවස්ථාවේදී රජයේ නීතීඥවරයා පාස්කු ප්‍රහාරයට අදාලව පූර්ව අනතුරු ඇගයීමට අදාල බුද්ධි තොරතුර සාක්ෂිකාර කීර්ති ගජනායක මහතාට පෙන්වීය. පළමුව පෙන්වා සිටියේ එවක ජාතික බුද්ධි ප්‍රධානී ලෙස සේවයේ නිරතව සිටි සිසිර මෙන්ඩිස් මහතා විසින් එවකට පොලිස්පති පුජිත් ජයසුන්දර වෙත යොමුකර තිබූ රහස් ලේඛනය කෙරෙහිය. එහි ඇතුළත් වූ ” Eyes Only ” යන්නේන් කුමක් සදහන් කර තිබේදැයි එහිදී රජයේ විනිසුරුවරයා විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකාර කීර්ති ගජනායක මහතා “අතීශය රහසිගත තොරතුරක් නිශ්චිතවම එක් පුද්ගලයකු වෙත යොමු කරන ලිපියක එලෙස Eyes Only ලෙස සලකුණු කරනවා.

එවැනි සටහනක් ඇතුළත්ව ලිපියක් ලැබුණේ නම් එහි අන්තර්ගතය උපුටා දක්වමින් තවත් ලිපියක් සකස් කිරීම පමණක් සිදුකළ යුතුවෙනවා. තමන්ට ලද ලිපිය එම අවස්ථාවේදීම විනාශ කළ යුතුයි.

මගේ සේවා කාලය තුළ Eyes only ලෙස සටහන් තබමින් ලිපි යොමු කර ඇත්තේ ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්ට පමණයි.

මෙහිදී රජයේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විසින් අදාළ ලිපියෙහිම එවක පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් යොදා තිබූ “FNA” හෙවත් for necessary action යන යෙදුම සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කරන ලදි.

තම අත්දැකීම අනුව මෙවන් වටිනා බුද්ධි තොරතුරක් අන්තර්ගත වූ ලිපියෙහි for necessary action යන්න කිසිසේත් සදහන් නොකල යුතු බව එහිදී කීර්ති ගජනායක මහතා සදහන් කළේය. සාමාන්‍යයෙන් එම යෙදුම පොලිස් දෙපාර්තමේන්තුව තුළ අතිශය සුලබව භාවිත වන බවත් වැඩිවශයෙන් සරල හා සුලු අපරාධවලදී මෙම යෙදුන වැඩිවශයෙන් භාවිත කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එම යෙදුම නිසා මෙවන් වටිනා සහ සංවේදී රහසිගත බුද්ධි තොරතුර අවතක්සේරුවට ලක්කර ඇති බවද සාක්ෂිකාර කීර්ති ගජනායක මහතා සදහන් කළේය. මෙවැනි ක්‍රියාවක් පහළ නිලධාරියකු සිදුකළා නම් පිළිගත හැකිවූවත් පොලිස්පතිවරයා එවැන්නක් සිදුකිරීම අනුමත කළ නොහැක්කක් බවද ඔහු කොමිසම හමුවේ අවධාරණය කළේය.

මෙවැනි තොරතුරක නිශ්චිත හෝ අවිනිශ්චිතබව සෙවීමට වඩා ප්‍රහාරය සිදුවිය හැකිනම් එය වළක්වා ගැනීමට කටයුතු කිරීම පොලිස්පතිවරයාගේ වගකීම බවත් පූජිත් ජයසුන්දර විසින් එවැන්නක් සිදුකිරීම හෝ නිශ්චිත උපදෙසක් ලබාදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවා සිදුකර නොතිබූ බවද කීර්ති ගජනායක මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

කොමිසම මෙහිදී සාක්ෂිකරුගෙන් විමසුවේ පූර්ව තොරතුරු ඇතුළත් ලිපියෙහි ” තවදුරටත් රහසිගතව පරීක්ෂණ කෙරෙමින් පවතී ” ලෙස සදහන් වීමෙන් මුල් බුද්ධි තොරතුරට හානියක් වී ඇත්ද යන්නයි.

එහිදී සාක්ෂිකරු පැවසුවේ මෙම ලිපිය ලැබෙන විටත් මාවනැල්ල බුදුපිළිමවලට හානිකිරීම, වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය තොග සොයාගැනීම ආදී කටයුතුවලට සහරාන් හෂීම් ප්‍රමුඛ .ත්‍රස්තයන් සම්බන්ධ බවට තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය සතුව තිබී ඇතත් පූර්ව තොරතුරු ඇතුළත් ලිපියෙහි ඔහුගේ නම් පමණක් ඇතළලත් කර ඉහත කී සිද්ධීන් ගැන සදහන් කර නොතිබීමද මෙහි අඩුපාඩුවක් ලෙස හදුනගත හැකි බවය.

එම තොරතුරු තර්කානුකූලව ගලපා සෙසු නිලධාරීන්ට යොමුකළ යුත්තේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් බවත් ඔහු එලෙස සිදුකර තිබුණේ නම් පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට හැකියාව පැවති බවද කීර්ති ගජනායක මහතා සදහන් කළේය.

Tags: නවතම
Share73Tweet43
Previous Post

සොයා මීට් සහ සැමන් ගෙදර දී හදා ගනිමු

Next Post

ද ෆිනෑන්ස්, ETI තැන්පතුකරුවන්ට සාධාරණයක් කිරීමට ජනපති මැදිහත් වෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.