බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුංචි එකා ඉස්කෝලෙට යවන්නට පෙර මේ ටික කියවන්න…

by editor
ඔක්තෝබර් 20, 2021
in පුවත්, විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන – ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා – 

පාසල් පෙරපාසල් විවෘත වන්නට ලහිලහියේ සූදානම් වන බව පෙනෙයි.

වසර දෙකක් පමණ නිවසේ සිරවී සිටි මෙරට ශිෂ්‍ය ප්‍රජාව පාසල කරා යැවීමට මාපියන් ක්‍රියාකළ යුත්තේ කෙසේද? පාසලට පැමිණි දරුවන් අරබයා ගුරුවරු ක්‍රියාකළ යුත්තේ කෙසේද? යන්න මේ මොහොතේ අප තුළ මතුවිය යුතු ප්‍රධානම කතිකාව විය යුතුය.

මේ මොහොතේ දරුවන් කුමන තත්වයක සිටීදැයි පළමුවෙන් වැඩිහිටියන් අවබෝධ කරගත යුතු වේ . මව්පියන්ට පහත අභියෝග සහ ගැටලුවලට මුහුණපෑමට සිදුවෙනු ඇත.

child

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

  1. දිගුකාලයක් නිවසේ සිටීම නිසා පාසැල් යෑමට මැළි කරන දරුවන්
  2. වයස අවුරුදු පහ සම්පූර්ණ වී පළමු වසරට ඇතුළු වී පාසලට දිනක් වත් නොගිය දරුවන් පාසල් යැවීම
  3. පළමු වසරේ සති කිහිපයක් පාසල් ගිය දරුවන් පාසල් යැවීම
  4. ඔන්ලයින් අධ්‍යාපනය ලැබීම නිසා විවිධ ගැටලු ඇතිවූ දරුවන් එනම් වීඩියෝ ක්‍රීඩා ආදී වෙනත් අන්තර්ජාලයෙ ක්‍රියාකාරකම් වලට ඇබ්බැහි වූ දරුවන්
  5. ඒකාකාරී, පීඩාකාරී මාර්ගගත අධ්‍යාපනය නිසා අධ්‍යාපනය අමිහිරි වී එපාවූ දරුවන්
  6. මව්පියන් සමග නිවසේ වැඩිකාලයක් ගතකිරීම නිසා ඉන් මිදීමට අකමැති දරුවන්
  7. විවිධ රෝගාබාධ ඇති දරුවන්

මේ ආදී වශයෙන් විවිධ තත්ව ඇති අවස්ථා මේ මොහොතේ දරුවන් වෙතින් ප්‍රකට වී ඔබේ  නිවසේ කලබලයක් ඇතිවීමට ඉඩ ඇත. ඒ අවස්ථාවේ කලබලයෙන් දරුවාට දොස් පවරා කෝපයෙන්, දඬුවම් දීමෙන් පාසල කරා රැගෙන යෑමෙන් වළකින්න.

ඔහු කැමති පරිසරය වෙනස් කිරීම අසීරු විය හැකිය.

දරුවා පාසල් යෑමට පෙළඹවීමේ දී බුද්ධිමත් වන්න

එවිට ඔබ කළ යුත්තේ නිවසට වඩා පාසල තුළ කෙතරම් සතුටක් ප්‍රීතියක් සහිතව ගතකළ හැකි වේද යන්න පහදා දීමයි. ඔහු පාසල් යෑමට පොළඹවන ආකාරයේ කතා ඔබ විසින් දරුවාට පැවසිය යුතුවේ.

නමුත්  පාසල් ගියොත් තැගි දෙන බව හෝ යම් යම් පොරොන්දු දෙන්නට සූදානම් නම් එයින් වළකින්න. මන්ද පාසල් ගොස් අධ්‍යාපනය ලැබීම, පාඩම් කිරීම ඔහුගේ  වගකීම බව ඔහුට කුඩා කාලයේ සිටම කියා දිය යුතුය. එම නිසා පොරොන්දු උපස්ථම්භන බව ඇත්තය. එහෙත් යම් විටෙක දරුවාට උපස්ථම්භනයක් දී පාසලට යැවූ පසු, යම් දිනක උපස්ථම්භකයේ වටිනාකමක් දරුවාට නැති විය හැකිය. එසේ වූ දිනක උපස්ථම්භනයන් ලද හේතුවද ඔහුට නොවටිනා එකක් වන්නට ඉඩ ඇත. එසේත් නැති නම් උපස්ථම්භනයේ වටිනාකම වැඩි කිරීමට සිදුවනු ඇත.

එමනිසා පාසල පිළිබඳ, මිතුරන් පිළිබඳ , ක්‍රීඩා පිළිබඳ ආදී කතා, මව්පියන් කුඩාකාලයේ ගතකළ ආකාරය ගැන කතා පවසන්න. අලුත් පොත්පත් පෑන් පැන්සල් ආදිය ඔහුට පෙනෙන්නට සූදානම් කරන්න.  එහෙත් මව්පියන්ට හුරුවී මව්පියන් තුරුලේම ඉන්නට කැමති අය පහසුවෙන් මේ වෙනසට කැමති නොවනු ඇත. තවද ජංගම දුරකථන සමග දැඩි ලෙස ඇලුනු  දරුවන් එය අතහැරීමට අකමැති වෙනු ඇත.

මේ සියලු අසීරු අවස්ථාවන්ට ඔබ බුද්ධියෙන් මුහුණ දියයුතු වෙයි.

සෞඛ්‍ය ආරක්ෂිත පුරුදුවලට හුරු කරන්න

ඒ සියල්ල කළමනාකරණය කරගෙන පාසලට යවන දරුවා කොරෝනා වැළැක්වීමේ සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු අනුගමනය කරන ආකාරයෙන් පුහුණුවක් ලැබදිය යුතුය.

පුහුණුව දිය යුත්තේ අවබෝධය සමගය.

තමා මුව ආවරණ පැළඳිය යුත්තේ ඇයි? අත් සේදිය යුත්තේ ඇයි. දුරස්ව සිටිය යුත්තේ ඇයි? යන්න  දරුවාට වැටහෙන බසකින් කියාදිය යුතුය.

එයට අමතරව මව්පියන් දරුවන්ට සැනිටයිසර් ලබාදෙන්නේ නම් පරිස්සමෙන් කළ යුතුය. හොඳම දේ නම්   පාසල් පංති කාමරයේ, පාසල් වෑන් රථයේ ආදී ස්ථානවල සැනිටයිසර් තැබීමට කටයුතු කිරීමය. සැනිටයිසර් පුද්ගලිකව ලබා දීමෙන් බරක් පතළක් නැති දරුවන් ඒවා සමග ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බැවිණි.

කෙතරම් සැනිටයිසර් භාවිතා කළද සබන් යොදා අත්සේදීමට  දිරිගන්නවන්න. හැකිතරම් ප්‍රතිශක්තිය රැකදෙන ආහාර නිවසින්ම තියෙන හැටියට සකසා යවන්න. හැකිනම් දිනකට බිත්තරයක් ලබා දෙන්න. මේ මොහොතේ කොරෝනා රෝගය නිසා ඥාතීන් අහිමිවූ දරුවෝ වියෝ කාංසාවක සිටී නම් ගුරුවරු හා සාකච්ඡා කර ගෙදර වැඩ අඩුකර ගැනීමට උත්සහ කරන්න.

මානසික පීඩාවෙන් මුදවන්න

මේ මොහොත මානසික වශයෙන් පීඩාකාරී සමයකි. එමනිසා ක්‍රීඩා කිරීමට රංචු ගැසීම් ආදියට වැඩි ඉඩක් ලබාදෙන්න. දිගු කලකින් පාසල් යෑම නිසා දරුවන් වෙහෙසට පත්විය හැකිය. විවේකය ලබාදෙන්න.

නිවසට ආ විගස ජංගම දුරකථනය ලබා දීමෙන් වළකින්න. පාසැලේ තොරතුරු රසකරමින් අසන්න.  කතා කරන්න. පාසල් යෑම ගැන ඔහුව අගයන්න. පාඩම් වැරදි දැක කලබල වී දරුවා නොපෙළන්න.

ඔහුට කාලය ලබා දෙන්න.

ආදරණීය ගුරුමව්පියවරුනි!

  1. පාසලට එන දරුවා හොඳින් පිළිගන්න. අගයන්න. පළමු දිනයේ සිටම හුස්මක් කටක් ගන්නට ඉඩක් නොතබා පාසල් වැඩත් ගෙදර වැඩත් නොදෙන්න. ඒ වෙනුවට දරුවා හඳුනා ගන්න.
  2. මේ වසංගත සමයේ දරුවා නිවසේ ගතකළ ජීවිතය දැනගන්න. ආර්ථික අපහසුතා, කොරෝනා වැළඳී ලද පීඩා, පවුලේ සමීපතමයන් ගේ මරණ, දරුවා කිසියම් කායික මානසික පීඩාවකට, වියෝ කාංසාවකට ලක්ව  සිටීද, යන කරුණු දරුවාගෙන් විමසා නොගෙන මව්පියන්ගෙන් පවුලේ පසුබිම දැනගන්න.
  3. මුල් දවසේ දරුවාට පරිසය හුරුවෙන්න, සැහැල්ලු වෙන්න, ඉඩ හරින්න. මිතුරන් ඇතිකරගන්නවාට වඩා , පරිසරයට හුරුවීමට වඩා ඔහු මව්පියන් කොහේදැයි විමසනු ඇති. විශේෂයෙන් පෙර පාසලකටවත් යෑමට බැරිවූ දරුවන් ඔබේ පංති කාමරයේ සිටිනු ඇති. වෙනදාට වඩා වැඩි අභියෝගයක් ඔබ ඉදිරියේ ඇති නමුත් අනාගත පරපුර දරුණු වසංගතයකිනුත් බේරී ඔබ හමුවට එන්නට පසුකළ අභියෝගය තරම් මේ අභියෝගය බැරෑරුම් නොවනු ඇත.
  4. උගන්වන්නට ගෙදර වැඩ දෙන්නට හදිසි නොවන්න. අවශ්‍යවන්නේ පාසලට එන්නට ඔහු තුළ කැමැත්ත ඇති කිරීමයි. එම නිසා ක්‍රීඩා, කතන්දර, සංගීතය, චිත්‍ර ආදිය සමග ඒකාත්මික වෙමින් ඔවුන් හා එක්ව ශක්තිමත් ගුරුසිසු සබඳතා ඇතිකරගන්න
  5. මේ මොහොතේ සමස්ත දරු පරපුරම සිරගෙයක සිට ඉන් මිදුනා සේ හැසිරෙනු ඇත. ඉතා කුඩා නිවෙස්වල, මහල් නිවාස වළ, ඉඩකඩ සීමිත වූ පරිසරවල ජීවත්වූ දරුවන් මේ ලද නිදහසින් විමතියට සතුටට පත්ව බොහෝ දඟකාර වීමට ඉඩ ඇත. එය තේරුම් ගන්න
  6. රටේ ආර්ථිකය පසුබා තිබෙන මොහොතක නිවෙස්වල ආර්ථිකය ඉතා පහළ මට්ටමක ඇති මොහොතක දරුවා පාසලට අවශ්‍ය සියලු පතපොත පෑන පැන්සල් අඩුවෙන් ගෙනෙන්නට ඉඩ ඇත. වෙනත් දේ ද අඩුවෙන් ගෙනෙන්නට ඉඩ ඇත. එහි පසුබිම ඔබ වටහා ගන්න
  7. අධ්‍යාපනය යනු ජීවත්වීම කියාදීමයි යනුවෙන් පියාජේ පවසා ඇත. එමනිසා මේ කාලයේ පරිසර තත්වයට අනුකූලව ජීවත්වීමට කියාදෙන්න. සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම නිතර සිහිපත් කරදෙන්න. එසේ කිරීමේ හේතුව කියාදෙන්න. තමාත් රැකෙමින් අන් අයත් රැකගන්නා අයුරු කියාදෙන්න
  8. යමක් ඇති පවුල්වල මව්පියන් සමග පෞද්ගලිකව කතා බහ කර දිවා විවේකයට ආහාර නැති දරුවන්ට දීම සඳහා වැඩිපුර පාන් පෙත්තක්, වෙනත් යමක් ගෙන්වාගෙන අන් දරුවන්ට නොදැනෙන්නට ආහාර නැති දරුවන්ට ලැබාදෙන්න. අමතර රාජකාරි කරමින් ඔබ දරුවන් වෙනුවෙන් කිසිදා අත නොහරින යුතුකම් ඉටු කරමින් දෙවෙනි මව පියා ලෙස තව දුරටත් සිටිම දරුවන්ගේ යහපතම සලසනු ඇති
  9. අපි වසංගතයක් නිසා දරුණු ලෙස පීඩා වින්ඳෙමු. රට විවෘත කළද තවමත් අප වසංගතයෙන් මිදී නැත. එමනිසා ආදරය, කරුණාව සෙනෙහස ඔබටත්, දරුවන්ටත් මුලු සමාජයටත් එකසේ අවශ්‍ය මොහොතක  අනාගත පරපුරෙන් යම් කොටසකගේ ගුණ නැණ  ගොඩනැගීම සඳහා ඔබට අවස්ථාව  පැමිණ ඇත. හැකිතරම් ගුණධර්ම කියාදෙන්න. මිනිසා, සතුන්, පරිසරය දෙස  ආදරයෙන් ගෞරවයෙන් බලන්නට විෂය ක්‍රියාකාරකම් සමග, විහිලුතහලු සමග බරක් ඇතුව කියා දෙන්න
  10. ඔබද සිසුන් ඉදිරියේ උගන්වන්නට පාසල් ආවේ බොහෝ කාලයකට පසු බැවින් ඒ ප්‍රබෝධය අත්විඳින්න. ඔබත් ප්‍රබෝධමත් වී සිසුන්ටත් එම ප්‍රමෝදය අත්කර දෙන්න

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අගමැති පුත්‍ර රත්නය සමඟ සියක් මහා සංඝරත්නය පළමු ජාත්‍යන්තර ගුවන් යානයෙන් කුසිනාරාවට

Next Post

ඉන්දියාවෙන් එන අමුතු පොහොර පිළිගන්න ඇමතිවරු නිලධාරීන් සමග කටුනායක යති!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.