පී,සී.ආර් වාර්තා සඟවා ආසාදිතයන්ගෙන් වැඩ අරන්… කොග්ගල ඇඟළුම් කම්හල් ලොක්කෙක් අත්අඩංගුවේ..

කිර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිතව සිටියදී පී.සී.ආර් වර්තා සඟවාගෙන සේවක සේවිකාවන්ගෙන් වැඩ ගත් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සහකාර කළමනාකාරවරයෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ආයතනයේ සේවක සේවිකාවන් පිරිසක් කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබියදීත් පි.සී.ආර්. වාර්තා සඟවා සේවයේ යෙදවීමත්, ඔවුන්ට මුව ආවරණ ලබා නොදීමත්, හා සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීමත් සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

Exit mobile version