කිර්ති ප්‍රනාන්දු –
කොවිඩ් ආසාදිතව සිටියදී පී.සී.ආර් වර්තා සඟවාගෙන සේවක සේවිකාවන්ගෙන් වැඩ ගත් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සහකාර කළමනාකාරවරයෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ආයතනයේ සේවක සේවිකාවන් පිරිසක් කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබියදීත් පි.සී.ආර්. වාර්තා සඟවා සේවයේ යෙදවීමත්, ඔවුන්ට මුව ආවරණ ලබා නොදීමත්, හා සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීමත් සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වී තිබිණි.