පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වීමට පෙර මහනුවර රෝහලෙන් ඊයේ නිවසට යවා තිබූ මෘතදේහයක් අද පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමත් සමග අද පස්වරු 2ට පමණ යළි රෝහලට ගෙන්වාගෙන තිබේ.
මෘතදේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරු 6ට කොවිඩ් මෘතදේහ අවසන් කටයුතු කරන පරිදි සිදුකිරීමට කටයුතු කෙරෙන බව වාර්තා වේ.
හදිසි හෘදයාබාදයක් හේතුවෙන් මහනුවර රෝහලට ඊයේ ඇතුළත්ව තිබූ පුද්ගලයයකු මියගොස් තිබු අතර පස්වරු 11ට පමණ මෘතදේහය රෝහලෙන් ඥාතීන් වෙත බාර දී තිබුණි.
69 හවිරිදි මෙම රෝගියා හෘදයාබාධයක් මත ඊයේ මහනුවර හෘද රෝග ඒකකයේ දැඩි ප්‍රතිකාර ඒකකය වෙත යොමු කරනු ලැබ ඇති අතර එහිදී ප්‍රතිකාර අතරතුර මෙම රෝගියා මියගොස් ඇත. පසුව පී.සී ආර් පරීක්ෂණ සාම්පලද ලබාගෙන ඇත.
කෙසේ වුවද අද මෙම දේහය ඥාතීන් වෙත බාර දි ඇති අතර ඔවුන් එය සිරිමල්වත්ත පිහිටි නිවස වෙත ගෙන ගොස් තිබේ. මේ අතර අද සවස වනවිට පී.සීආර් ප්‍රතිඵල නිකුත් වී ඇති අතර එහිදී ඔහු කොවිඩ්-19 වෛරස ආසාදිතයකු බවට තහවුරු වී ඇත.