බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිටිගල ද්විත්ව ඝාතන සිද්ධියේ සැකකරුවන් 25 තෙක් රිමාන්ඩ්!

by editor
මාර්තු 18, 2024
in පුවත්
prison-jail-hands-bar
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ –  බළපිටිය 

පිටිගල පොලිස් වසමේ නියාගම, හොරංගල්ල, ගුරුවිලදී  හතර දෙනෙකුට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කර අනෙක් දෙදෙනාට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා 2024 මාර්තු 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මාහේස්ත්‍රාත් මධුෂිකා වාසලමුදලි   අද (18) නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් කරුණු වාර්තා කරන ලෙසත් සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන්ද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පිටිගල පොලීසියට දැනුම් දුන්නේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ 69 කොටස, නියාගම, තල්ගස්වල ලිපිනයේ පදිංචි නාගොඩවිතාන කසුන් රන්දික නාගොඩවිතාන (36) සහ අලවත්තහේන, ගෝනගල්ගොඩ, තල්ගස්වල ලිපිනයේ පදිංචි කාරියවසම් ලොකුගමගේ ගයාන් ප්‍රසන්න (36) නැමැති දෙදෙනාය.

පසුගිය මාර්තු 11 දින රාත්‍රී 7.50 ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙළදසැල් හිමිකරුවකු ඉලක්ක කර සිදුකරන ලද වෙඩි තැබීමකදී මෙම ඝාතන හා තුවාල සිදු කිරීම් සිදුව තිබේ. 

සිද්ධිය වූ ස්ථානයේදීම එක් අයෙකු මියගොස් තිබෙන අතර අනෙක් පුද්ගලයා මියගොස් ඇත්තේ ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත්තේ කුරුදු තැලීමේ රැකියාවේ නිරත අයකු වන කරන්දෙණිය ගලගොඩ අත්තේ පදිංචි සතිෂ් මධුශංක (32) නැමැති දෙදෙරු පියෙකි. හොරංගල්ල, ගුරුවෙල පදිංචි කටුකුරුන්ද ආරච්චිගේ කවීෂ අංජන (26) ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ. රෝහලේදී මියගිය තුවාලකරු බරපතල තුවාල ලබා ඇල්පිටිය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය රෝහලට මාරුකර යවා තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු ටී – 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇල්පිටිය, කහදූව ප්‍රදේශයට පලාගොස් තිබෙන බවද පිටිගල පොලීසිය කියයි.

තුවාල ලැබුවන් අතර සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය සතිෂ් මධුශංක (32) නැමැති අයගේ බිරිය වන එන් කේ දිනුෂිකා (32) සහ තලාව, කුරුදුගහ හැතැක්ම පදිංචි සුනිල් ශාන්ත (54) නැමැති දෙදෙනා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මේ වන විටත් නේවාසික ප්‍රතිකාර ලබයි.

වෙඩි තැබීමෙන් පසු එම ස්ථානයේ වැටී තිබු ටී – 56  හිස් පතුරොම් කොපු 18 ක් පිටිගල පොලීසිය විසින් සොයා ගෙන තිබේ. හොරංගල්ල, ගුරුවෙල මෙම වෙඩි තැබීම සිදුකළ වෙළදසැලේ හිමිකරු ඉලක්ක කර වෙඩි තැබීම් සිදු කර ඇතත් ඔහුට කිසිම හානියක් වී නැති බවද මෙය මුදල් ආරවුලක් මත හෝ වෙළදසැල් හිමිකරු විසින් මීට පෙර සිදුකරන ලද ඝාතනයක් සම්බන්ධයෙන් වූ පලි ගැනීමකට සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වි තිබේ. 

වෙළද සැල් හිමිකරුගේ බිරිදද එම අවස්ථාවේ වෙළඳසැල තුළ සිට වෙඩි තැබීමත් සමඟ දිව ගොස් බේරී ඇති බව ද පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

මෙම වෙඩි තැබීම රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් මත සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පිටිගල පොලීසිය කියයි. ඩුබායිහි සිටින අයෙකු විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙන බවත් එය ලබා දී ඇත්තේ මෝටර් රථයක් අලෙවි කිරීමෙන් බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පිටිගල පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර   ඇතුළු ඇල්පිටිය, නාගොඩ, බද්දේගම, අම්බලන්ගොඩ, මීටියාගොඩ, කරන්දෙණිය, බටපොල යන පොලිස් ස්ථාන වල නිලධාරීන් පිරිසක්   වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ ක්‍රිකට් ගැහිල්ලත් බූරු ගැහිල්ල වගේය…

Next Post

බැසිල්ගේ සැලසුම  විසිවෙයි… ජනාධිපතිවරණයකට සූදානම්වන ලෙස ජනපති කැබිනට් මණ්ඩලයට දන්වයි…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.