පැහැරගත් දැරිය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයක්

child abuse

පාකිස්ථානයේ පන්ජාබ් පළාතේ දී 14 හැවිරිදි දැරියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව පවසමින් ෆයිසාලාබාද් දිස්ත්‍රික් කවුන්සිලය අසළ විශාල පිරිසක් රැස්ව උද්ඝෝෂණයක නිරත වුණහ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු වුවත් රටේ සුළු ප්‍රජාව ඒ සම්බන්ධයෙන් සෑහීමට පත් නොවන අතර බලවත් මිනිසුන් වෙනුවෙන් රාත්‍රීයේ ද විවෘතව තිබෙන උසාවිය සුළු ජාතික ගැහැණු දරුවෙකු වෙනුවෙන් විවෘත නොකරන බවට චෝදනා කරමින් විරෝධතාවේ නියැලුණහ.

දැරිය පැහැරගෙන ගොස් ඇත්තේ දූෂණය කිරීමට බවට ඇගේ පවුලේ අය චෝදනා කරන අතර මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන දැරිය සුවය ලබන තුරු විරෝධතාවයේ නියැලෙන ලෙස ඇය අයිති මෂීහ් ප්‍රජාව විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාකිස්ථානයේ හින්දු හා සුළු ජාතීන්ට එරෙහිව දිනෙන් දින ඉහළ යන අපරාධවලට රජය නිසි පියවරක් නොගන්නා බව මානව හිමිකම් සංවිධාන හා වාර්තා චෝදනා එල්ල කරති.

Exit mobile version