පැරණි බෝගම්බර බන්ධනාගාරයේ අමුතු විදිහේ අවන්හලක්…

Bogambara-Prison

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පැරණි බොගම්බර බන්ධනාගාරය ඉවත් කිරීමෙන් පසු, එහි පිහිටුවීමට නියමිත බන්ධනාගර කෞතුකාගරයට එක්කොට සිරකරුවෙක් ගතකරන බන්ධනාගාර ජීවිතය පිළිබඳ අදහසක් ලබා ගැනීමට හැකි විශේෂ අවන්හලක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

දෙස් විදෙස් සංචාරකයන් ආකාර්ෂණය කරගත හැකි පරිදි සැකසෙන යෝජිත අවන්හලේ කාර්ය මණ්ඩලය බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් ලෙස සැරසී සිටින අතර අවන්හලේ ව්‍යුහය බන්ධනාගාර සිරකුටියක් ලෙස සකස් කිරීමට සැලසුම් වී තිබේ.

කෞතුකාගාරයට සහ අවන්හලට අමතරව, අධ්‍යයන මධ්‍යස්ථානයක් සහ සිරකරුවන් විසින් සාදන ලද නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැලක් ද මේ ව්‍යාපෘතියට අනුබද්ධව ආරම්භ වනු ඇත.

බන්ධනාගාරය ඉවත් කිරීමෙන් පසු මෙම ස්ථානය ඉලක්ක සැලසුම් වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධනය කරමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

බොගම්බර බන්ධනාගාරය බ්‍රිතාන්‍යයන් විසින් පිහිටවනු ලැබුවේ වර්ෂ 1876 දී ය. පැරණි බොගම්බර බන්ධනාගාරය ඓතිහාසික ස්ථානයක් වන අතර එහි ප්‍රධාන ගොඩනැගිල්ල සහ බලකොටුව ලෝක උරුම ස්ථාන ලෙස නම් කර ඇත.

බන්ධනාගාර කෞතුකාගාරය පිහිටුවීමේ ව්‍යාපෘති යෝජනාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය විසින් බන්ධනාගාර කළමනාකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්ත වෙත භාර දී ඇත.

Exit mobile version