අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැය 48කට කලින් දැනුම් දීලා සාකච්ඡාවලට එන්න බෑ… දවස් තුනකට කලින් දිනපොත හැදෙනවා.

පිවිතුරු හෙළ උරුමයේ ගම්මන්පිල මහා සංඝයාවහන්සේ ඇරයුම් කළ පක්ෂ  රැස්වීමට නොගිය හේතුව කියයි!

by editor
මැයි 1, 2022
in පුවත්
Gammanpila
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

ඊයේ මහා සංඝයාවහන්සේ විසින් ආරාධනා කළ පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවුනේ සෙනසුරාදා දිනයට අදාල තමන්ගේ දිනපොතේ වැඩ සැලසුම් වී තිබුණු නිසා බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල  පැවසීය.

තම දිනපොත දින තුනකට කලින් සැලසුම් වන බවත් මේ රැස්වීම සඳහා ආරාධනාව ලැබුනේ බ්‍රහස්පතින්දා බවත් කී උදය ගම්මන්පිල පැය 48කට පෙර කරන ලද ආරාධනයකට අනුව සාකච්ඡාවලට සහභාගී වන්නේ කෙසේදැයි විමසා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවැත්වූ මහා සංඝයාවහන්සේගේ ආරාධනයට අනුව දේශපාලන පක්ෂ නායකයන්ගේ රැස්වීමට බෞද්ධ උරුමය වෙනුවෙන් පෙනී සිටින පිවිතුරු හෙළ උරුමයේ නියෝජිතයෙක් හෝ සම්බන්ධ නොකළේ   කුමක් නිසාදැයි ලංකාසර විමසූ විටය.

එහදී වැඩිදුරටත්  අදහස් දක්වමින් උදය ගම්මන්පිල කිවේ මහා නායක හාමුදුරුවරු වැඩ සිටින්නේ හතර පොළක බවත්,  උන්වහන්සේලා එක් තැනකට එක්වී සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයන් නොකැඳවූ බවත්ය.

ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන්නම් තමන්ට සාකච්ඡාවක් සඳහා ඇරයුම් කළ බව පැවසුවේය. ඒ සඳහා සහභාගී වන්නට ඉඩක් නොතිබුනේ තමන්ගේ වැඩ සැලසුම් සෙනසුරාදා දිනයට අදාලව සකස් වී තිබුණු නිසා බවත් කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උදය ගම්මන්පිල  මෙහිදී වැඩිදුරටත් පැවසුවේ තමන්ගේ දිනපොතේ වැඩ දින තුනකට පෙර සිට සකස් වන බවය.

එහෙත් මෙහිදී රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝබිත හිමි සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි ඇතුළු එම හමුව සංවිධානය කළ නායක හිමිවරුන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට මහා නායක හිමිවරුන් යැවූ ලිපියේ සඳහන් කරුණක් අනුව පක්ෂ නායක හමුව උන්වහන්සේලාගේ මග පෙන්වීම යටතේ සංවිධානය වූ බවය.

මහානායක හිමිවරුන්ගේ නියෝජිතයන් ලෙස මෙම සාකච්ඡාව පවත්වා එම අදහස්   උන්වහන්සේලාට දැන්වීමේ වගකීම තමන්ට පවරා තිබුණු බව සියලුම පක්ෂ නායකයන්ට පැහැදිලිවම දැන්වූයේ යැයි ද  එම සාකච්ඡාව සංවිධානය කළ නායක හිමිවරු  පැවසූහ.

මෙම රැස්වීම සඳහා සිංහල බෞද්ධ උරුමය වෙනුවෙන් පෙනී සිටින බව කියන ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂවන පොහොට්ටුව, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ 15ක නියෝජිතයන් සහභාගී වී සිටියේ නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තමිල්නාඩුවේ ධීවරයෝත්  උතුරට ආධාර දෙන්න සැරසෙති…

Next Post

ගාල්ල ගෝඨාගෝගමේ දී පවිත්‍රතා කම්කරුවන්, සපත්තු මහන්නන් ඇතුලු සැබෑ කම්කරුවෝ උපහාර ලබති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.