පා පැදි තරග ජයග්‍රහණය සඳහා දිනුම් කණුව දැක දැක තම කඳවුරේම කෝප්‍රල් තල්ලු කර මාරක තුවාල කළ හමුදා සෙබලා!

සුමිත් පොතුපිටිය –

පාපැදි තරගයකදී යුධ හමුදා පාපැදිකරුවෙකුව තල්ලුකොට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් යුද්ධ හමුදා පාපැදි කණ්ඩායමේම සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි හිරණ පොලිසිය පවසයි .

ඇදවැටුණු කෝප්‍රල්වරයා…

කොහුවල යුධ හමුදා කදවුරේ රාජකාරි කරන සාමාන්‍ය සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් , බරපතළ තුවාල ලබා ඇත්තේද එම කඳවුරේ පාපැදි කණ්ඩායමේ කෝප්‍රල් වරයෙකු බවත් පොලිසිය සදහන් කරයි.

හිරණ තේක්කවත්ත බක්මහ උළෙලට සමගාමීව පෙරේදා 23 දා පැවැත්වූ පාපැදි සවාරියේ නිමාවට එක් පොකුරකට තරගකරුවන් තිදෙනෙකු පැමිණ ඇති අතර , තරග අවසානයට මීටර් 100 ක් පමණ තිබියදි සාමාන්‍ය සෙබළා කෝප්‍රල් වරයාව අතින් තල්ලු කර ඇති බව පොලිසිය පවසයි .

තල්ලුකිරීමෙන් මාර්ගයේ ඉවතට ඇදී ගිය පාපැදිකරු මාර්ගය ආසන්නයේ තරග නරඹමින් සිටී අවුරුදු 7 ක් පමණ වයසැති කුඩා දරුවෙකුගේද ගැටී බිම ඇදවැටී දෙදෙනාම රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි .


සිද්ධිය මුලුමනින්ම මෙසේ වීඩියෝගතවී තබිණි.

කුඩා දරුවා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, සුසුම්නාවට සිදුවූ තුවාල සහිතව පාපැදිකරු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

ඇදවැටුන කෝප්‍රල් වරයාද ඊට සුළු මොහොතකට පෙර සිය වැලිමිටෙන් තමාවද තල්ලුකල බවට සැකකාර සෙබළා ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය කීය.

යුධ හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී ජයනෙත්තිගේ  උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර සිල්වා ගේ මෙහෙයවීමෙන් සැරයන් වරුන්වන සමන්ලාල් එදිරිසිංහ (3081 සහ ඩබ්ලිව්.එන්.සොයිසා (33781) පරීක්ෂණ පවත්වති .

Exit mobile version