කීර්ති ප්‍රනාන්දු –
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් මේ තාක් ඉටු නොවුණු යුක්ති වෙනුවෙන් අරගල කළ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ අද (14) පානදුරේ දී අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුව අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර ෂෙහාන් සමාජ මාධ්‍ය වෙත සජීවී ලෙස සම්බන්ධවෙමින් කිසියම් පිරිසක් විසින් තමාව බලහත්කාරයෙන් පැහැරගෙන යාමට උත්සාහ කරන බව සඳහන් කළේය.
පසුගිය වසරේ (2021) අගෝස්තු දාහත්වැනි දා සමාජ සහ සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ගිහි පැවිදි කතෝලික නායකයන් හා එක්ව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොවීම සම්බන්ධයෙන් ෂෙහාන් මාලක ගමගේ අදහස් දක්වා තිබිණි.
මාස හයකට පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම මාධ්‍ය හමුවේ සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
එම අදහස් දැක්වීම සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව මින් පෙර, එනම් අගෝස්තු 23 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. එතැන් සිට දින ගණනාවක් ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කළේය.
මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව කතෝලික සභාව අද විශේෂ පුවත්පත් සාකච්ඡාවක් කැඳවා තිබේ.
ෂෙහාන් මාලක ගමගේ අත්අංගුවට ගත් අවස්ථාව…
.







