කීර්ති ප්‍රනාන්දු –
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පිට දැනට රක්ෂිත බන්ධනගාර කර සිටින සැකකරුවෙකුට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට දුරකථන පහසුකම් ලබාදීමත්, බන්ධනාගාර අධිකාරිවරයාට අල්ලසක් ලබා දීමට අතරමැදියෙක් ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වීමත් සම්බන්ධයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනමට ලක් කළ බව බන්ධනාගාර කොමසාරිස් ( පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසීය.
වැඩ තහනමට ලක් කළ ජේලර්වරයා දුරකථන පහසුකම ලබාදීම වෙනුවෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට රුපිලයල් ලක්ෂ 05 මුදලක් අදාල පුද්ගලයාගෙන් ඉල්ලා දීමට හැකි බව බන්ධනාගාර අධිකාරීවරයා හමුවේ ප්‍රකාශ කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ජේලර්වරයාගේ මෙම නීති විරෝධී රහසිගත වැඩපිළිවෙළ පිළිබඳව බන්ධනාගාර බලධාරීන්ට තොරතුරු අනාවරණය වීමත් සමග සිදුකළ විශේෂ විමර්ශනයකින් පසුව ජේලර්වරයාගේ සේවය මෙසේ තහනමට ලක් කිරීම සිදුකර ඇත.
මෙම ජේලර්වරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වසර 7ක සේවා කාලයක් සහිත ජේලර්වරයෙක් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.