පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 273කට නඩු!

පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වූ අපරාධකරුවන් 32ක් සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන සහ කුමන්ත්‍රණ කිරීම පිළිබඳ නඩු පැවරීම ප්‍රබල සාක්ෂි ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ නඩු පැවරීමට අවශ්‍ය තොරතුරු ඇතුළත් විශාල ලිපිගොනු 08ක් භාරදී ඇති බවයි.

නීතිපතිවරයා විසින් විශාල නීතිඥ කණ්ඩායමක් යොදවා එහි ඉදිරි නීතිමය කටයුතු පිළිබඳ කඩිනමින් ක්‍රියා කරන බවද රහස් පොලිසියේ කණ්ඩායමක් සමඟ සමඟ නිරන්තරයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරමින් අඩුපාඩු සකස් කරන බව ද හෙතෙම පැවසීය.


මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“පාස්කු ප්‍රහාරයේ ඒ සියලු විමර්ශන කටයුතු නිම කරලා සෘජුව සම්බන්ධ වෙච්ච අපරාධකරුවන් 32ක් සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන සහ කුමන්ත්‍රණ කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා විශාල ලිපිගොනු 08ක් භාරදීලා තියෙනවා. තවත් 241 දෙනෙකු ඉන්නවා රැඳවුම් නියෝග මත සහ රක්ෂිත බන්ධනාගාර ගතව ඉන්න. ඔවුන් එකින් එක නඩු පැවරීමේ කටයුතු කරගෙන යන්න නීතිපතිට ලිපිගොනු යොමුකර තිබෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතන කොමිසම කියන්නේ අතිරේක දෙයක්. නමුත් දැනටමත් අපිට ඉතා හොඳ සාක්ෂි තියෙනවා. ප්‍රබල සාක්ෂි තියෙනවා, ඒ සියලුම පුද්ගලයන් අධිකරණයට ගේන්න.”

Exit mobile version