පාස්කු කොමිසමේ විමර්ශන පොලිස් නිලධාරියෙකුට කොවිඩ්

පොලිස් නිලධාරින් 2500ක් නිරෝධායනයේ

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියකුට කොවිඩ්-19 වැළඳීම හේතුවෙන් එම ඒකකයේ විමර්ශන අධ්‍යක්ෂ ජේෂ්ඨ සහකාර පොලිස් අධිකාරිවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු 46 කෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම පොලිස් නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ අයෙකු වන අතර ඔහුගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම මේ වන විට සිදු කරමින් පවතී.

එමෙන්ම එම පොලිස් නිලධාරියා පසුගිය දිනවල පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සාක්ෂි විභාගය සිදුකරන ස්ථානයට පැමිණියේ ද යන්න පිළිබඳවද සොයා බලමින් පවතින බව එම කොමිසමට සම්බන්ධ ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.


මේ වන විට පාස්කු ප්‍රහාර කොමිසමේ සාක්ෂි විභාග කටයුතු තාවකාලිකව නතර කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විවිධ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් 2500ක් පමණ මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන තුළ සහ නිවාසවල නිරෝධායනයට ලක් කරමින් සිටින බවද වාර්තා වේ.

Exit mobile version