සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් ප්‍රධානීන් පුනරුත්ථාපනය කළ හැකි ප්‍රතිසංස්කරණයක් අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍යයයි… දුවගේ පන්ති රැස්වීමට සහභාගි වුන මවක් ලියපු ලියුමක් !.

by editor
අගෝස්තු 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

උදේ නමයේ සිට දහවල් දහය දක්වා දුවගේ පන්ති රැස්වීම තිබෙන බවට වට්ස්ඇප් මැසේජය දුටු පසු මා එයට සහභාගී වීමට තීරණය කළේ රැස්වීම පැයක් වැනි කාලයක් බැවින් එය ආයතනයෙන් කෙටි නිවාඩුවක් දමා ආවරණය කළ හැකි බැවිනි.

උදෑසන 09වන විට මම පාසලේ ප්‍රධාන ශාලාවෙහි අසුන් ගත්තෙමි. නවයයි කාලට පමණ එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය විදුහල්පති පැමිණි සියලු දෙනා පිළිගෙන කතාව ආරම්භ කළේය.

ඔහු ඔහුගේ පාසල් ජීවිතයේ පටන් මේ තනතුර දක්වා ආ ගමන් මග ඉතා ආඩම්බරයෙන් පැහැදිලි කළේය. ගුරුවරයෙක් ලෙස පත්වීම් ලද මොහොතේ යුද්ධ කාලයේ මායිම් ගම්මානයක ඉගැන්වීම් කටයුතු කරන විට ලද අත්දැකීම් සියල්ල වැමෑරුවේය.

ඒ අතරතුර ඔහු කීවේ..” මා ජීවිතයේ කිසිම දිනක දරුවෙකුගෙන් ටොපියක්වත් ලබා නොගත් බවයි. ඉදිරියට දරුවන්ගෙන් ටොෆි ගන්නටද අදහසක් නැති බව කීවේය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ  අත්දැකීම් සහිත මේ වනවිට  විධායක නිලයක කටයුතු කරමින් සිටින මා වැන්නන් කීප දෙනක්ම මේ දෙමව්පිය රැස්වීමේ සිටියහ.  අප සියලු දෙනාම මේ මළ විකාර ගොබ්බ කතා අසාගෙන සිටියේ දැඩි ආයාසයකිනි.  ඔහුට ටොෆි එවන්නට දෙමව්පියන් ලෙස අපට කිසිදු අදහසක් නැති බව කියාගන්නට ක්‍රමයක් මට තිබුනේ නැත.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ඔහු කතා කරන අතරතුර විදුහල්පතිතුමා රැස්වීමට පැමිණියේය. විදුහල්පතිතුමා පැමිණි මොහොතේ පටන් ඔහු පිළිගෙන නියෝජ්‍ය විදුහල්පතිවරයා කළේ විදුහල්පති තුමා මුරුංගා අත්තේ තැබීමය. විදුහල්පති තුමා බෙල්ලට හිර වූ ටයි එක බුරුල් කරමින් ආඩම්බරයෙන් දෙමව්පියන් දෙස බලා සිටියේය.

අනතුරුව එළඹියේ පන්ති මට්ටමෙන් දරුවන්ගේ ලකුණු ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවයි. සියලුම දරුවන්ගේ ලකුණු ස්ක්‍රීන් එකේ ප්‍රදර්ශනය කෙරිණ. ඒ අතරතුර විශේෂ වූයේ සෑම පන්තියකම ලකුණු අඩු දරුවන් සහ ලකුණු අඩු විෂයන් ගැනය.

” කවුද කවුද මේ පන්තියට මේ විෂය උගන්වන්නේ ..කෝ දැන් ඒ ටීචර් මෙතන ඉන්නවද? ” විදුහල්පතිතුමා ප්‍රශ්න කරන්නේය

ඊළඟ පන්තියේ ලකුණු දිග හැරෙන්නේය..

” ආ..මේ පන්තියට කවුද ඒ විෂය උගන්නන්නේ කවුද.. ආ ඒ ටිචර් හොඳයි… එයා හොඳ ටීචර් කෙනෙක්. 40ට අඩු ළමයි දෙන්නයි ඉන්නේ…”

සෑම පන්තියෙන් පන්තියකටම විදුහල්පතිතුමා ගුරුවරුන් විවේචනය කළේ ප්‍රසිද්ධියේය.

ලකුණු විශ්ලේෂණයෙන් අනතුරුව එළඹියේ විදුහල්පතිතුමාගේ කතා වාරයයි. විදුහල්පතිතුමාගේ කතාව පැය තුනක් දක්වා දිග්ගැසුණු බව කීවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ඒත් සත්‍ය එයය..

විදුහල්පතිතුමාගේ කතාවෙන් හතරෙන් තුනක්ම ඔහුගේ හැකියාවන් පිළිබඳ පම්පෝරියයි. ඔහු ලෝ වැඩ සඟරාවේ කවි දහයකට වඩා ගායනා කළේය. ලොව වැඩ සඟරාවේ කවි දන්නා දෙමව්පියන් සිටිනවාදැයි ඔහු ඔහුගේ කතාව තුළදී ප්‍රශ්න කළේය. මා ” ඔව්” යැයි හඬ නගා කීවද ඔහුට එය ඇසුනේ නැත. ඔහුගේ කතාවට අනුව ලෝ වැඩ සඟරාවේ කවි දන්නේ ඔහු පමණය.

ඔහු කීවේ දරුවන්ගේ දෙමව්පියන් ඉතාමත් විනයගරුක විය යුතු බවයි. ඒ කොතෙක් ද යත්, ශ්‍රමදානවලට එන විටදීද අම්මලා සාරියකින් සැරසිය යුතු බව ඔහු කීවේය.

ඔහු දරුවන් සම්බන්ධයෙන් කතා කළේ ඉතා පොඩි වේලාවකි. ඔහු ඒ වෙලාවේ ඔහු අභ්‍යාස පොතක කොළ තිහකින් යුත් කොළ මිටියක් දෙමව්පියන්ට පෙන්නුවේය.

අද උදෑසන දරුවන්ගේ බෑග් චෙක් කරන විට ඒවා හමු වූ බවත්, කොළ තිහක් ලියා දරුවෙක් තම මානසික පීඩනය පිටකර තිබූ බවත්, ඒ දරුවා දැන් මෙම ස්ථානයේ සිටින බවත්, දරුවාත් පැමිණ සිටින මව හෝ පියා විදුහල්පතිතුමා හමු විය යුතු බවත්, මේ පිටු තිහ ඇතුළත ලියා තිබෙන දේවල් ප්‍රසිද්ධියේ කිව නොහැකි ඉතා නරක දේවල් බවත්…ඔහු ප්‍රසිද්ධියේ කීවේය.

ඒ දරුවා කවුදැයි සියලු දෙනාම එකිනෙකාගේ මුහුණෙන් මුහුණ බලන්නටට විය. ඒ දරුවා මේ සිදු වූ හතරවිලි ලැජ්ජාවට හැන්දෑවට ගෙලවැලලා ගනු ඇතැයි මම බියෙන් පසු වෙමි.

මං දැන් කතාව අවසන් කරන්න යන්නේ යයි පවසමින් ඔහු තවත් පැය භාගයක් කතා කළේය. අපේ කාලේ මෙහෙමයි. දැන් කාලේ එහෙම නෑ… අපේ කාලේ හොඳයි. දැන් කාලයේ නරකයි… ඔහුගේ මුළු කතාවේම සමරිය එසේය.

පැය තුනක පමණ ඔහුගේ කතාව අවසන් වන විට මගේ උගුර බැරැණ්ඩි වී තිබුණි. අසල ෆාමසියට ගොස් මම විටමින් සී එකක් රැගෙන කටේ දමා ගත්තෙමි.

පැයක් දැමූ ෂෝට් ලිව් එක පැය හතරක් දක්වා දීර්ඝ වී තිබිණි. දැන් සේවා ස්ථානයට ගොස් වැඩක් නැත. දස අතේ කල්පනා කරමින් නිවසට ආවෙමි.

අපේ රටට ඉතා ඉක්මනින් පාසල් ප්‍රධානීන් පුනරුත්ථාපනය කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චිචී ගේ රොකට් එක බිලියන341ක ආදායමක් රටට ගෙනා බව අගමැතිනිය පාර්ලිමේන්තුවේ දි පිළිගනී!

Next Post

දූෂිත අධ්‍යක්ෂවරියකගේ  පුද්ගලික ලිපි ගොනු හොරෙන් වෙනස් කර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයකට පත් කිරීමේ සැලැස්මක්…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.