බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් නැති කාලයේත් දෙමාපියන් සුද්ද කරන ජාත්‍යන්තර පාසල් සහ ටියුෂන් ගුරුවරු

by editor
දෙසැම්බර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 මෙරට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් සහ සංවිධානාත්මක උපකාරක පන්ති මේ දිනවල අන්තර්ජාලය හරහා පමණක් ඉගැන්වීම් සිදු කළද මෙම ආයතන මඟින් සිසුන්ගෙන් සම්පූර්ණ ගාස්තු අය කිරීම තුළ දෙමාපියන් මහත් අසීරුවට පත්ව ඇත. මෙම ගාස්තු නිසි කලට වේලාවට නොගෙවන දරුවන්ට අන්තර්ජාල මාර්ගයෙන් ඉගෙනීමේ පහසුකම් සහ විෂයමාලා ලබා දීම අත්හිටුවන තත්ත්වයක් තුළ දරුවන් මෙන්ම සිසුන්ද මහත් මානසික අසහනයකට පත් වන අවස්ථා පවතින බව ට දෙමාපියෝ  මෙන්ම මෙම පාසල්වල උගන්වන ගුරුවරුද පවසති.

 මේ පිළිබඳව ලංකාසරට කරුණු අනාවරණය කළ  ජාත්‍යන්තර පාසල්වලට දරුවන් යවන දෙමාපියන් පිරිසක් පැවසූයේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුළ දෙමාපියන්ගේද ආදායම් සීමා වී ඇති පසුබිමක සහ පාසල් නොපැවැත්වෙන පසුබිමක් තුළ සිසුන්ගෙන් පාසල් ගාස්තු ලෙස සම්පූර්ණ මුදලම අය කිරීම අසාධාරණ ක්‍රියාවක් බව ය. ඇතැම් පාසල් පළමු කොවිඩ් වසංගතය අවස්ථාවේ යම් අඩු කිරීමක් සහිතව ගාසතු අය කළද දෙවන රැල්ලේදී පාසල් වැසුණු අවස්ථාවේදී එලෙස ගාස්තු අඩු කිරීමට කටයුතු කර නොමැති  බවය. අප කළ සොයා බැලීමේදී පෙනී ගිය කරුණක් වූයේ ඇතැම් පාසල් කොවිඩ් වසංගතයේ පළමු අවස්ථාවේදී හෝ දෙවන අවස්ථාවේදී මෙසේ ගාස්තු අඩු කිරීමට ක්‍රියා කොට නොමැති බවය. විශේෂයෙන් සංචාරක කර්මාන්තය, විවිධ අපනයන ව්‍යාපාර ආදියට සම්බන්ධ වූ රැකියා සහ ව්‍යාපාර සිදුකඑරන දෙමාපියන්ගේ ආර්ථික තත්ත්වය දරුණු ලෙස බිඳ වැටී ඇති අතර ඇතැම් රැකියාවල නිරත දෙමාපියන්ට ලැබෙන මාසික වැටුප් සහ දීමනා අඩු කිරීමට කටයුතු කොට ඇත.මෙවැනි තත්ත්වයක් තුළ ඔවුන්ට තම දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවා ගැනීමේ අසීරුතාවක් නිර්මාණය වි ඇත.

මෙම ජාත්‍යන්තර පාසල් හිමියන් සේම ඇතැම් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ද වර්තමාන පසුබිම තුළ අන්තර්ජාලය මාර්ගයෙන් අධ්‍යයන කටයුතු සිදු කළද ඔවුන්ට මේ සඳහා වැයවන පිරිවැය සාපේක්ෂව අඩු වී ඇත. එසේම අප කළ විමසීමකදී පෙනී ගියේ ඇතැම් පාසල් දරුවන්ගෙන් සම්පූර්ණ ගාස්තුව අය කළද මේ දිනවල තම ගුරුවරුන්ට වැටුපෙන් ප්‍රතිශතයක් ගෙවිමහටද කටයතු කර ඇති බවය.  එවැනි පසුබිමක් තුළ මෙම ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මෙම පාසල් වෙත යම් මඟ පෙන්වීමක් අවම වශයෙන් රජයෙන් හෝ සිදුවිය යුතු බව මෙම දෙමාපියෝ  සඳහන් කරති. මෙම දෙමාපියන්ට සාමාන්‍යයෙන්  රුපියල් දස දහසේ සිට 35,000ක් පමණ දක්වා එක් එක් පාසල් අනුව ගාස්තු මාසිකව ගෙවන්නට සිදුවේ. එයින් යම් ප්‍රතිශතයක් පමණක් ලබා ගැනීම පිළිබඳව තමන් විරෝධයක් නොදක්වන බවද මෙම දෙමපියෝ පවසති. ඒ අනුව ඔවුන් රජයට යෝජනා කරන්නේ යම් රෙගුලාසියකින් හෝ මඟ පෙන්වීමකින් මෙම ගාස්තු පාසල් යළි ආරම්භ වන තෙක් යම්  නිශ්චිත ප්‍රතිශතයක් අඩු කිරීමට අදාළ පියවර ගන්නා ලෙසය.

මේ වනවිට මෙරට ජාක්‍යන්කර පාසල් 300කට ආසන්න ප්‍රමාණයක් පවතින බව සඳහන් වන අතර ඒවායේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 150000 ඉක්මවන බව කියවේ. මෙම පාසල් නිසි නියාමනයට ලක් කිරීමට මෙතෙක් පත් වූ කිසිදු රජයක් සමත් වි නැති අතර පත් වූ සෑම රජයක්ම පාසල් නියාමනය සම්බන්ධයෙන් පිඹුරුපත් සකස් කළද ඒවා හමස් පෙට්ටිවලට පමණක් සීමා විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සත්ව ඝාතනය නැවැත්වීමට දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට

Next Post

අමෙරිකාවේ දෙවැනි බලවතාට උපදෙස් දෙන ලාංකේය කත

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.