පාසල්වල 2022 අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීම දෙසැම්බර් 05සිට නවතී!

කීර්ති ප්‍රනාන්දු –

2022 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීම මේ වසරේ තුන්වන වාරය ආරම්භවන 2022.12.05 දින සිට සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

2023 වසර සඳහා අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරනු ලබන්නේ  2022 වර්ෂයේ  තුන්වන පාසල් වාරය අවසන්වන මාර්තු මස 24 වැනි දිනට පසුව බව ද එම නිවේදනයේ දැක්වේ.

ඉදිරිපත්වී ඇති අයදුම්පත් ඇගැයීම් කර පවතින පුරප්පාඩු මත පදනම්ව සිසුන් ඇතුළත් කිරීම් සිදුවනු ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය පහත දැක්වේ.


Exit mobile version