පාලම් පාරුව පෙරළී පාසල් සිසුන් 06ක් මරුට… 11 අසාධ්‍යව රෝහලේ…

ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි –

කින්නියා කුරුඤ්ඤංකේණි පාලම් පාරුව පෙරලී යාමෙන් එහි ගමන් ගත් පාසල් සිසුන් හය දෙනෙකු දියේ ගිලී මිය ගොස් 11 දෙනෙකු ප්‍රථිකාර සදහා කින්නියා මුලික රෝහලට ඇතුළත් කර ඇති බව කින්නියා පොලිසිය පවසයි.

කුරුඤ්‍ඤංකේණි පාලම දැඩි ලෙස අබලන්ව පවතින නිසා එය අලුත් වැඩියා කිරිම හේතුවෙන් මගීන් හට එහා මෙහා ගමන් කිරිම සඳහා තාවකාලිකව මෙම පාලම් පාරුව සේවයට යොදවා තිබිණි.

අද  (23) පෙරවරුවේ පාසල් සිසුන් ඇතුළු මගීන් 20 ක පමණ පිරිසක් එහි ගමන් කරමින් සිට ඇති අතර එකවර සමබරතාවය නැතිව යාම නිසා පසෙකට ඇලව ගිය පාරුව පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බව කින්නියා පොලීසිය පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අතුරුදන්වු පිරිස් සොයා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Exit mobile version