පාලන මිල සංශෝධනය වේ…. සහල් මිල හෙට සිට ඉහළට….

ඩඩ්ලි රජයට තුති පුදයි...

ජනාධිපති, අගමැති, කෘෂිකර්ම ඇමති, රාජ්‍ය නිලධාරීන් හා මහා පරිමණ සහල් මෝල් හිමියන් එක්ව කළ සාකච්ඡාවකින් අනතුරුව  සහල් පාලන මිල සංශෝධනය කරන ගැසට් නිවේදනයක් හෙට (28) උදෑසන නිකුත් වීමට නියමිතව ඇත.

මේ රැස්වීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ කිසිම නිලධාරියෙක් සහභාගී කරවා නොගැනීම විශේෂත්වයකි. සංශෝධිත සහල් පාලන මිල ගණන්වලට අනුව නාඩු රුපියල්  96ක්, සම්බා රුපියල් 98ක්, සහ කිරී සම්බා රුපියල් 125 ක් වේ.

මේ සම්බන්ධව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ රජය පනවා ඇති නව මිල පාලනය  උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවත්, මේ මිල ගණන්වලට වඩා ශතයක් හෝ වැඩි මිලකට රට තුළ සහල් අලෙවි කිරීමට ඉඩ නොතබන බවත්ය. මේ සඳහා රට පුරා මෙහෙයුම් ජාලයක් ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම රැස්වීම නිමවා පැමිණි වහාම හිටපු ජනාධිපති සොයුරු මහා පරිමාණ සහල් මෝල් හිමි ඩඩ්ලි සිරිසේන සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, අගමැති මහින්ද රාජපක්ෂට, කෘෂිකර්ම ඇමති චමල් රාජපක්ෂට, මෙන්ම තිරය පසුපස සිට විශාල කාර්ය භාර්යයක් කළ බැසිල් රාජපක්ෂට සිය භක්ත්‍යාදර ස්තුතිය පුද කර තිබුණේය.

Exit mobile version